කරන්නාගොඩගේ නඩුවක් විභාග කිරීමෙන් විනිසුරුවරුන් දෙදෙනකු ඉවත්වෙයි

පසුගිය 2008 වසරේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට එරෙහිව ඉදිරිපත් කර තිබූ චෝදනා ඉවත්කර ගැනීමට නීතිපතිවරයා විසින් ගෙන තිබෙන තීරණයට එරෙහිව ගොනුකර තිබෙන අභියාචනා පෙත්සම සලකා බලන විනිසුරු මඬුල්ලේ විනිසුරුවරු දෙදෙනෙකු ඉවත් ව තිබෙනවා.

මෙම පෙත්සම අද (28) වැනිදා ඒ.එච්.එම්.ඩී. නවාස්, ජනක් ද සිල්වා සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අයගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ බවයි දසත අධිකරණ වාර්තාකාරිණිය සඳහන් කළේ.

එහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරුවරුන් වන ඒ.එච්.එම්.ඩී. නවාස් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරුවරු පෞද්ගලික හේතුන් මත තමන් මෙම නඩු විභාගයෙන් ඉවත්වන බව දැනුම්දුන්නා.

ඒ අනුව වෙනත් විනිසුරු මඩුල්ලක් ඉදිරියේ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා සැප්තැම්බර් මස 15 වැනිදා කැඳවන ලෙසත් නියෝග කළා.

මෙම සිද්ධියෙන් අතුරුදන් වූ තරුණයින්ගේ ඥාතීන් විසින් මෙම අභියාචනා පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර, නාමල්ව නවත්වන්න බෑ
01:08
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ, විශාල සෙනඟක් වටකරගනී
01:47
Video thumbnail
තරුණයෙක් සුදු ඉරමත අනතුරට ලක් කළ ත්‍රීවිල් එක
00:15
Video thumbnail
ජනපති අනුර පොළොන්නරුවේ රැළියෙන් පිටව ගිය හැටි
01:19
Video thumbnail
මේක එලවන්න ඕනිලු..එලවන්න අනේ පව් - මෛත්‍රිය, අනුකම්පාව නෑ නිසි දඬුවම් දෙනවා
06:24
Video thumbnail
නාමල් නැති රැළියට යෝෂිත ආපු හැටි
00:59
Video thumbnail
මහින්දගේ ඇස් දෙකට පේන්න නාමල්ව ජනාධිපති කරන්න
02:52
Video thumbnail
මීට කලින් ආණ්ඩු කුඩුකාරයෝ බලා ගන්න ආණ්ඩු - ලොකු මිනිහෙක්ගේ ගෙයක් නාය යන තැන්වල හදන්නේ නෑනේ
04:28
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06