කබ්රාල්ට යළි මහ බැංකුව බාර දීම කාවුන්ට රෙදි අල්මාරියක් දුන්නා වගේ

අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකුවට යළි පත් කිරීම කාවුන්ට රෙදි අල්මාරියක් දුන්නා වගේ යැයි සමගි ජනබලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

කාවා කියන්නේ අහුවෙන අහුවෙන රෙද්ද කන සතෙක් බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් රෙදි නොඇඳ නිරුවතින් සිටින බව හොඳ බවයි සඳහන් කරන්නේ.

එසේත් නැතිනම් කබ්රාල් මහතා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ රෙදි ටිකද විකුණාගෙන කන බවයි පෙන්වා දෙන්නේ.

මහ බැංකුවේ සේවය කළ දවුලුගල මහත්මිය ඇය දැරූ ධූරයෙන් ඉවත් ඉවත් කලේ කාවෝ ඇඳුම් පමණක් නොව පොත් පතුත් කන නිසා බව අවධාරණය කරන මන්ත්‍රීවරයා කබ්රාල් මහතාට එරෙහිව තියෙන පොත් පත් ටික තිබෙන්නේ ඇය ගාව නිසා බවයි අනාවරණය කරන්නේ.

ඒ පොත් පත් ටිකද දැන් කාවෝ කා ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කරනවා.

“මහ බැංකුව දේශපාලනීකරණයට ලක් කළ හැම රටකම ආර්ථික අර්බුද උත්සන්න වී තිබෙනවා.සිම්බාබ්බේ උදාහරණයක් හැටියට ගන්න.ඒ වගේ ප්‍රශ්න අප රටට නොවෙන්නැයි දෙයියන්ගෙන් ඉල්ලා සිටිය යුතුයි.

මෙි රටත් යන්නේ ඒ පාරේ ම නොවේ දැයි මොහොතකට සිතා බලන්න.දිගින් දිගටම මුදල් අච්චු ගැසීම නිසා රුපියලේ අගය විදේශ වශයෙන් මෙන්ම දේශීය වශයෙන්ද මස්ත බාල්දු වී තිබෙනවා.

මේ ක්‍රියාදාමය හරහා බහුතරයක් හිඟමනට පත්කර ටික දෙනෙක් ධනවතුන් බවට පත්කරලා තිබෙනවා යනුවෙන්ද කබීර් හෂීම් මහතා සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උඹේ පවුලම උස්සනවා බලාගනින් - අනවසර නිවසක් ඉවත්කරන්න යද්දී ඇති වූ උණුසුම් තත්ත්වය
02:10
Video thumbnail
ඇමතිවරු දැන් පිස්සු කෙ#න්නේ - මාධ්‍යට අත තියන්න එපා
06:17
Video thumbnail
ආලෝකා පෙරටු කරගනිමින් සාම පාගමන ඉස්සරහට යන හැටි
00:47
Video thumbnail
මේ ආණ්ඩුව ගැන තිබුණු විශ්වාසය අද නැතිවුණා
04:00
Video thumbnail
ආණ්ඩුවේ වංචාව ගැන හොයන්න ආණ්ඩුවේ කට්ටියවම පත්කරලා
02:18
Video thumbnail
පන්නපු කන්ටේනර් 323 ගැන ජනාධිපතිතුමාගෙන් ප්‍රශ්න කරන්න ඕනේ
05:28
Video thumbnail
අර්චුනා එළියට දැම්ම පා.ම. වැටුප් ප්‍රශ්නයට නලින්ද පිළිතුරු දෙයි..අපි තරම් ආදර්ශ දීලා නෑ කවුරුත්ම
05:01
Video thumbnail
නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි - රාජපක්ෂලාට බැන බැන තමන්ගේ ගිණුම්වලට සල්ලි දාගන්නවා
07:15
Video thumbnail
මාධ්‍ය නාලිකාවටනම් ලේසි වෙන්නේ නැතිවෙයි ?..ලාල්කාන්තගේ වත්කම් ප්‍රශ්නය කැබිනට් මාධ්‍ය හමුවේ ඇදෙයි
04:25
Video thumbnail
ජාතික වෙසක් දිනය වෙනස් වෙනවද ? නලින්ද සියල්ල හෙළිකරයි
04:16