කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වෙනුවෙන් අරවින්ද සහ බිරිඳ තැබූ මිලියන 40ක ඇප රාජසන්තක කිරීමට නියෝග

එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළ සැකකාරියක වන ගුවන් සේවා සමාගමේ හිටපු විධායක කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලිගේ ඇප රාජසන්තක කිරීමට අද ⁣(30) කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන නියෝග කළා.

හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ වන ප්‍රියංගි නියෝමාලි විජේනායක යන දෙදෙනා එම සැකකාරියට අධිකරණයේ ඇප තබා තිබුණ අතර එම ඇප මුදල් රාජ සන්තක කරනු ලැබුවා.

මිලියන 20 බැගින් වු ශරීර ඇප දෙකක් මත සැකකාරිය ඇප මත මුදා හැර තිබුණා.

ඒ අනුව අද දින මිලියන 20 ක මුදලක් අධිකරණයට ගෙවන බව ඇපකරුවන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතීඥවරයා දන්වා සිටියා.

ඉදිරිපත් වු කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා අද දින මිලියන 20 ක මුදල අධිකරණයට ⁣බාර දෙන ලෙසත් ඉතිරි මිලියන 20 ඇපය ඔක්තෝබර්17 වන දින ගෙවන ලෙසත් නියෝග කළා.

මේ වන විට එයාර් බස් ගනුදෙනුවට අදාලව සිදු කරනු ලබන විමර්ශනයට අදාළව මෙම සැකකාරිය අධිකරණය මග හැරීම නිසා වරෙන්තු නිකුත් කර තිබෙනවා.

සිද්ධියට අදාළව ඇපකරුවන් වු හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ වන ප්‍රියංගි නියෝමාලි විජේනායක විවෘත අධිකරණයේ පෙනී සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේක්ෂිත අදායම් ඉලක්කය ඉක්මවා ගිහින්..වසර අවසානයේ බිලියන 100ක වැඩිපුර ආදායමක්
01:52
Video thumbnail
ශ්‍රී ලංකාවේ චීන තානාපති පළමු වරට ඇමති නලින්දව හමුවෙයි
01:24
Video thumbnail
බිස්කට් පෙට්ටිවල සූක්ෂමව සඟවගෙන ආ කෝටි 08ක අයිස් අල්ලයි
00:49
Video thumbnail
පැහැරගත් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයා සොහොනක් අසළින් හමුවෙයි
00:56
Video thumbnail
ලංගම බස් රථයක් පෙරලී සිදුවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:12:56
Video thumbnail
ක්‍රිකට් පනත ගැන ක්‍රීඩා ඇමති හෙළිකරයි - වැටුණට පස්සේ සෑහෙන කාලයක් යනවා මේක ගොඩගන්න
03:57
Video thumbnail
නොමිලේ නීති උපදෙස් ලබාදෙන ජංගම සේවයක් අපි ආරම්භ කරනවා - කුමන බාධක දැම්මත් පරාජය කරනවා
03:44
Video thumbnail
අරන්තලාවේදී ලංගම බස් රථයක් පෙරලී සිදුවූ බිහිසුණු අනතුර - මගීන් 60කට වැඩි පිරිසක් ඉදලා
00:50
Video thumbnail
වත්මන් රජයට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේද ක්‍රමෝපායන් හුරුපුරුදු නෑ - ලක්ෂ 220ම එකතු වෙමු
05:05