කඳු මුදුනෙන් හමුවූ කාන්තා මළ සිරුර ගැන ජනතාවට දැනුම් දීමක්

තලවකැලේ ග්‍රේට් වෙස්ටර්න් කඳු මුදුනේ තිබී සොයාගත් හඳුනා නොගත් කාන්තා මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර තිබෙනවා.

නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහෙස්ත්‍රාත් ජේ.අඹගහවත්ත මහතායි අද පස්වරුවේ ලිඳුල පොලිසියට මෙම නියෝගය ලබාදුන්නේ.

ග්‍රේට් වෙස්ටර්න් කඳුවැටියේ කඳවුරු බැඳීම සඳහා ඊයේ පැමිණි පිරිසක් විසින් කන්දේ එක් පසෙක ප්‍රපාතයට ආසන්නයේ කාන්තා මළ සිරුරක් ඇති බවට තලවකැලේ පොලිසිය වෙත කරන ලද දැනුම් දීමක් මත පොලිස් නිලධාරින් විසින් මළ සිරුර සොයාගෙන ලිඳුල පොලිසිය වෙත භාර දී තිබුණා.

මළ සිරුර තිබු ස්ථානයට ගිය නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය සංජය වීරසේකර මහතාගේ අධීක්ෂණය යටතේ නුවරඑළිය පොලිස් කොට්ඨාශයේ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරින් සහ ලිඳුල පොලිසියේ නිලධාරීන් විසින් දැඩි පරිශ්‍රමයක් දරා සිරුර කඳු බැවුමෙන් රැගෙන රක්ෂිතයෙන් පිටතට ගෙන එනු ලැබුවා.

කඳු මුදුනේ තිබූ මළ සිරුර මෙතෙක් හඳුනාගෙන නැහැ.

කිසියම් පිරිසක් සමග හෝ පුද්ගලයෙකු සමග පැමිණි මෙම කාන්තාව ජීවිතක්ෂයට පත් වීමෙන් පසු ඒ පිළිබඳ පොලිසියට වාර්තා නොකර ඔවුන් පළා ගොස් ඇති බවටයි සැක කෙරෙන්නේ.

එම පුද්ගලයන් හෝ පුද්ගලයෙකු පිළිබඳ තොරතුරු වෙතොත් ඒ සම්බන්ධයෙන් ලිඳුල පොලිසියට දැනුම් දෙන ලෙසට ජනතාවගෙන් ඉල්ලීමක් කෙරෙනවා.

එමෙන්ම මියගිය කාන්තාවගේ ඥාතින් වෙතොත් ලිඳුල පොලිසිය වෙත පැමිණෙන ලෙසට පොලිසියේ ස්ථානාධිපතිවරයා දැනුම් දෙනවා.

මේ අතර ග්‍රේට් වෙස්ටර්න් කඳු මුදුනේ තිබූ කාන්තා මළ සිරුර රැගෙන ඒමට ගිය යුද හමුදාවේ කෝප්‍රල්වරයෙකු හදිසියේ අසනීප වීම හේතුවෙන් ඔහු නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

මේ අතර අද සිට අවසරයකින් තොරව ග්‍රේට් වෙස්ටර්න් කඳු මුදුනේ කඳවුරු බැඳීමට ඉඩ ලබා නොදෙන ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා විසින් වන සංරක්ෂණ සහ වනජීවී නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ග්‍රේට් වෙස්ටර්න් කඳු වැටිය නැරඹීමට හෝ කඳු මුදුනේ කඳවුරු බැඳීමට යාමට නිසි ක්‍රමවේදයක් සකස් කරන බවයි දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
6
+1
0
+1
0
+1
15
+1
12
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාඨලීගේ මගඩි සේරම එළියට ? ප්‍රමිතියෙන් බාල ගල් අඟුරු සැපයීම නිසා CEB එකේ පාඩුවක් වෙලා
07:47
Video thumbnail
ලොකු වාහන හිඟයක් ? රුපියල අවප්‍රමාණය වීමෙන් ජීවිතයට කොච්චර බලපෑමක් වෙයිද ?
08:09
Video thumbnail
වැස්සේ අස්සේ ත්‍රීවීල් එකක හටගත් හදිසි ගින්න
00:51
Video thumbnail
සරුවට වැඩුණු ලක්ෂ විස්සකට අධික ගංජා අළු කළ හැටි
01:02
Video thumbnail
සැවොම බිය ගැන්වූ වනවාසල දුම්රිය පීලි පැනීම
00:47
Video thumbnail
සූරපප්පලා මොකක්ද මේ කරන්න යන්නේ ? ලෝකයේ 1000kmph වගේ දුම්රිය ගමන් කරනවා
04:36
Video thumbnail
අන්තරේ සෙට් එක මල්වානේ උයාගෙන කාලා සැපට ඉන්න හැටි..වීඩියෝ සේරම එළියට
02:46
Video thumbnail
ආනයනය කරන හැම වාහනයකටම 50%ක රේගු අධිභාරයක්..මනුස්සයෙක්ට දරන්න බැරි තරම් ගණන් යනවා
08:03
Video thumbnail
"ගමන් ආරම්භ කරපු සැණින් පීලි පැනලා" වනවාසල දී පීලී පැන්න දුම්රිය ගැන ප්‍රබල හෙළිදරව්වක්
06:36
Video thumbnail
ඇමති හදුන්නෙත්තිගේ ඉල්ලීමට අකුරැස්ස රෝහලට පෞද්ගලික පරිත්‍යාග රැසක්.."මෙට්ට ඔක්කොම අයින් කරන්න වෙයි"
04:34