කඳාන ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනියගේ දැරිය කෙලෙසූ අනියම් සැමියා අත්අඩංගුවට

කඳාන පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනියගේ 13 හැවිරිදි දියණිය අපයෝජනයට ලක්කළ බව කියන පුද්ගලයා පමුණුගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (21) පෙරවරුවේ අත්අඩංගුවට ගැනුණු මෙම පුද්ගලයා 35 හැවිරිදි වියේ පසුවන අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගැනුණු මොහු වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රාගම ශික්ෂණ රෝහල වෙත යොමුකර ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

ජාඇල – ශ්‍රමදාන මාවත ප්‍රදේශයේ දී සැකකරු අත්අඩංගුවට ගැනුණු අතර මොහු කඳාන පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනියගේ අනියම් සැමියා බවයි වාර්තා වුණේ.

මේ අතර සැකකරු විසින් අපයෝජනයට ලක් කළ බව කියන දැරිය වෛද්‍ය පරීක්ෂණයකින් අනතුරුව අද (21) දිනයේ දී ජාඇල මහේස්ත්‍රාත්වරයා වෙත යොමු කිරීමට නියමිත බව සඳහන්.

අදාළ දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා පසුගිය 19 වනදා යොමු කෙරුණේ කුලියාපිටිය ශීක්ෂණ රෝහලටයි.

මීට සති දෙකකට පමණ පෙර ජාඇල – ශ්‍රමදාන මාවතේ පිහිටි නිවසක දී අදාළ පොලිස් නිලධාරියගේ අනියම් ස්වාමි පුරුෂයා විසින් බාලවයස්කාර දියණිය අපයෝජනය කර ඇති බවට පොලිස් හදිසි ඇමතුම් අංශයට තොරතුරක් ලැබී තිබුණා.

පසුව ඒ සම්බන්ධයෙන් පොලිසිය සොයා බලන විට අදාළ දැරිය දුම්මලසූරිය ප්‍රදේශයේ පිහිටි සිය මිත්තණියගේ නිවසේ රැඳී සිට තිබෙනවා.

අනතුරුව දුම්මලසූරිය පොලීසියේ නිලධාරීන් වින්ධිත දැරිය තම භාරයට ගෙන වෛද්‍ය පරීක්ෂණයක් සදහා කුලියාපිටිය ශීක්ෂණ රෝහලට ඇතුළත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

මේ අතර පසුගිය 19 දා කදාන පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිවරිය දුම්මලසූරිය පොලීසියට සහ කුලියාපිටිය ශීක්ෂණ රෝහලට ද ගොස් විවිධ බලපෑම් එල්ල කර ඇති බවටයි අප වාර්තාකරු සඳහන් කර සිටියේ.

“මොනවද උඹ පොලීසියට කිව්වේ මම උඹව පරිවාසයට දානවා” යනුවෙන් අදාළ නිලධාරිනිය රෝහලේ දී තම දියණියට තර්ජනය කර ඇති බවත් තොරතුරු වාර්තා වනවා.

මේ අතර රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් දැරිය පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් වන
පරීක්ෂණ වාර්තාව සෘජුවම අධිකරණය වෙත පමණක් ඉදිරිපත් කිරීමට අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා තීරණය කර තිබෙනවා.

සිද්ධියට මුහුණ දී ඇති දැරියගේ මව වන කඳාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනියගේ නීත්‍යාණූකූල ස්වාමි පුරුෂයා මත්ද්‍රව්‍ය ජාවාරමකට වරදකරුව මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින බවයි වාර්තා වුණේ.

  1. මිනිහ කුඩූ වලට හිරේ ගිය එකෙක්ගෙ ගෑණියෙක්ටද ඊයා හා කාන්තා අපරාධ කාර්යාංශය භාරදීම තියෙන්නෙ .පොලිස් කොමිසමේ පත්වීමක්ද?



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14