කනිෂ්ඨ මේස පන්දු ශූර ටාවි සමරවීර දිවයිනට

ශ්‍රී ලංකා මේස පන්දු ඉතිහාසයේ මෙතෙක් ලැබූ ඉහළම ජයග්‍රහණය වාර්තා කරමින් රන් පදක්කමක් සමඟ ලෝක ශ්‍රේණිගත කිරීම්වල තුන් වන ස්ථානය දිනාගත් වයස අවුරුදු 11න් පහළ මේසපන්දු ක්‍රීඩක ටාවි සමරවීර අද (16) පස්වරුවේ දිවයිනට පැමිණියා.

ඉතාලියේ පැවති ලෝක කනිෂ්ඨ මේස පන්දු ශ්‍රේණිගත කිරීමේ තරගාවලියට සහභාගී වූ ටාවි සමරවීර එහිදී රන් පදක්කම දිනා ගැනීමට සමත් වුණා.

ඊට අමතරව ස්ලෝවෙකියාවේ සෙනෙක් නුවර සහ හංගේරියාවේ සොම්බත්ලේ නුවර පැවති මේස පන්දු තරගාවලි දෙකේ දී ලෝකඩ පදක්කමක් දිනාගනිමින් ලෝක ශූර පෝලන්ත ජාතික ක්‍රීඩකයා පරාජයට පත් කිරීමත් සමඟ ටාවි සමරවීර ලෝක ශ්‍රේණිගත කිරීම්වල තුන් වන ස්ථානය දක්වා ඉහළට පැමිණියා.

මෙම ජයග්‍රහණයන් රැගත් ටාවි සමරවීර අද (16) පස්වරු 01.45ට සජා නුවර සිට එයාර් ඒෂියා ගුවන් සේවයේ ජී- 9508 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

2025 වසර තුළ ටාවි සමරවීර මේ වනවිට ජාත්‍යන්තර රන් පදක්කමක් , රිදී පදක්කම් 05ක් සහ ලෝකඩ පදක්කම් 04 ක් පදක්කම් 10 ක් දිනාගැනීමට සමත්ව සිටිනවා.

ඔහුගේ පියා හසිත සමරවීර මෙන්ම ඔහුගේ මව ද මේස පන්දු පුහුණුකරුවන් වන අතර, ටාවි සමරවීර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 2028 ඔලිම්පික් තරගාවලිය සදහා දකුණු ආසියාවේ ළාබාලතම මේස පන්දු ක්‍රීඩකයා ලෙස සහභාගී වීමට සැළසුම් කර තිබෙනවා.

ටාවි සමරවීර ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ 05 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.03.10
00:00
Video thumbnail
රොබෝ අලි තමයි ඉස්සරහට පෙරහැරවල දී දකින්න වෙන්නේ
02:49
Video thumbnail
ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ රටට ලැබෙන්නේ අවමානයක්..ආණ්ඩුවට කිසිම විදේශ ප්‍රතිපත්තියක් නෑ l G.L.Peiris
02:38
Video thumbnail
හිරේ යන්න ලෑස්ති වෙන්න ජයකොඩි - මේක අතහරින්නේ නෑ
08:13
Video thumbnail
යළි ජීවය ලැබූ නැඳුන්ගමුවේ රාජා
01:35
Video thumbnail
ඩී.වී. චානකගෙන් රන්ජන්ට සැර හින්ට් එකක්..PUCSL එක තව දුරටත් ස්වාධීන නෑ
05:37
Video thumbnail
Mineral, RO බෝතල් කළ ජලය දැන් කාටවත් හොයාගන්න බෑ..
01:15
Video thumbnail
මං මෝඩයන්ට උත්තර දෙන්නේ නෑ - මරික්කාර් සැර වෙයි
10:05
Video thumbnail
කළුතර ප්‍රා. සභාවේ මන්ත්‍රීලගේ වැඩ බලන්න ආ වඳුරා..හරි අපූරුවට බලන් ඉන්න හැටි
01:40
Video thumbnail
අපිට නම් දැන් සනීපයි හොඳටම - ආණ්ඩුවට දීලා අනාගත්තා
04:53