කන්කසන්තුර වරාය ඉන්දියාවට වසර 30කට යටත් වෙයි

කන්කසන්තුරේ වරාය සංවර්ධනය කිරීමට ඉන්දියාව මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 62කට අධික මූල්‍ය ප්‍රදානයක් සිදු කර තිබෙනවා.

මෙම මූල්‍ය ප්‍රදානය මගින් වසර 30ක කාලයක් ඉන්දියාවේ පාලනාධිකාරිය යටතේ වැඩි කොටසක් තැබෙන බවයි වාර්තා වන්නේ.

මෙය ඉන්දියාව සමග සිදු කෙරුණු ගිවිසුමක ප්‍රතිඵලයක් ලෙස සිදු ව තිබෙන බවත් වරායේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙක් පවසා තිබෙනවා.

මුලදී ඉන්දීය රජය උතුරු වරාය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ණයක් ලබාදීමට අදහස් කළ අතර; වත්මන් ආර්ථිකයේ තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට ව්‍යාපෘති ප්‍රදානය කිරීමට ඉන්දියාව මේ වනවිට වැඩි අවධානයක් යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී. එස්. රුවන්චන්ද්‍ර මහතා පැවසුවේ; මූලික යෝජනා අනුව ඉන්දීය ඉදිකිරීම්කරුවෙකු මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවයි.

රටේ උතුරු පළාතේ පිහිටා ඇති කන්කසන්තුරේ වරාය, KKS වරාය ලෙසයි ප්‍රසිද්ධියක් උසුලන්නේ.

එය ආසන්න වශයෙන් අක්කර 16ක වපසරියකින් යුක්ත වන අතර මෙම වරාය පිහිටා ඇත්තේ ඉන්දියාවේ පොන්ඩිචෙරි හි කරයිකාල් වරායේ සිට නාවික සැතපුම් 56 ක් දුරින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂය දඩයම් කරලා හිරේ දාන්න ආණ්ඩුව සූදානම් වෙනවා
03:56
Video thumbnail
මෛත්‍රිපාලගේ නිල නිවස සිල්ලර බඩු කඩයකට දෙන්නද යන්නේ ?නලින්දටත් හිනා ගිය ප්‍රශ්නය
01:12
Video thumbnail
ගුරුවරුන්ට බලපෑම් කරලා අමතර පංති පවත්වන එක වහාම නවත්වන්න
04:15
Video thumbnail
ඉෂාරා සෙව්වන්දි මාංචුත් නැතුව බැංකොක් යනවා වගේ ගියේ - නලින්දට කට උත්තර නැතිවුණ ප්‍රශ්නය
01:20
Video thumbnail
කොළඹ දිස්ත්‍රික් සැලසුම් කමිටුව අගමැතිනිගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි
04:33
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස නිසා කැබිනට් මාධ්‍ය හමුව උණුසුම් ?අහන්න ඕනි දිලිත්, ගම්මන්පිල, විමල් දාලද ?
06:40
Video thumbnail
මහානායකහිමියන්ලා දෙබිඩි පිළිවෙතක්ද අනුගමනය කරන්නේ ?නෑ නේද ? ඒ ප්‍රශ්නය Thumbnail කරන්න එපා
05:36
Video thumbnail
සජිත් ආණ්ඩුව සැරටම අමතයි - ආණ්ඩුව IMF එකේ සුරතලා වෙලා
10:51
Video thumbnail
මහානායකහිමියන්ගේ ලිපිය ඇයි මාධ්‍යයට නිකුත් නොකළේ ?ලිපිය ජනපතිට ගියා..නලින්ද කියයි ?
05:02
Video thumbnail
වැරදි කරපු කරපු දඬුවම් ලැබෙනවා - ඒකට තමයි විපක්ෂය බයවෙලා ඉන්නේ
07:25