සමගි ජන බලවේගය ප්රමුඛ විපක්ෂය විසින් කථානායකට එරෙහිව ඉදිරිපත් කරනු ලබන විශ්වාසභංගය ඉදිරි පාර්ලිමේන්තු සතියේදීම විවාදයට ගැනීමට යෝජනා කරන බව මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක පැවසුවා.
අද (06) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.
එමෙන්ම එම විශ්වාසභංග යෝජනාව ලබන සිකුරාදා දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා පාර්ලිමේන්තුවේදී කියා සිටියා .










