Empty Ad
AFC Banner
Empty Ad

කතුරු ඔන්චිල්ලාවක බක්කියක් කඩා වැටී ළමයෙක් ඇතුළු දෙකක් රෝහලේ

දෙහිඕවිට ප්‍රදේශීය සභා ක්‍රීඩාංගණයේ පැවති සැණකෙළියක තිබූ කතුරු ඔන්චිල්ලාවක බක්කියක් කඩා වැටී අනතුරක් සිදුව තිබෙනවා.

ඊයේ (15) රාත්‍රියේ සිදුවූ මෙම අනතුරින් පුද්ගලයෙකු සහ පිරිමි දරුවෙක් තුවාල ලබා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

තුවාල ලැබූ ඔවුන් අවිස්සාවේල්ල රෝහලට ඇතුළත්කර ඇති බවයි වාර්තා වුණේ.

අනතුරින් තුවාල ලැබූ දරුවා වයස අවුරුදු 11ක කහනවිට ප්‍රදේශයේ පදිංචි අයෙක්වන අතර, අනෙක් පුද්ගලයා වයස අවුරුදු 51ක අයෙක්.

දෙහිඕවිට පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?