ඖෂධ වර්ග 80ක් පමණ මිල දී ගැනීමට නොහැකිවන තත්ත්වයක්

2022 වර්ෂයට අදාළ වාර්ෂික ඖෂධ ඇස්තමේන්තුවලට අදාළ ඖෂධ මිල දී ගැනීම සඳහා අවශ්‍ය ණයවර ලිපි නිකුත් නොකිරීම හේතුවෙන් ඖෂධ වර්ග 80ක් පමණ මිල දී ගැනීමට නොහැකිවන තත්ත්වයක් ඇතිව තිබෙන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පවසනවා.

සාමාන්‍යයෙන් ඉදිරි වර්ෂය සඳහා ඖෂධ ඇස්තමේන්තු සකස් කරනු ලබන්නේ කලින් වසරේ ජනවාරි මාසයේ සිට වන අතර, නියමිත ටෙන්ඩර් පටිපාටිය අවසන් කර මිල දී ගැනුම ආරම්භ වන්නේ අගෝස්තු මාසයේ සිටයි.

ඒ අනුව තෝරාගත් සමාගම් සදහා ණයවර ලිපි නිකුත් කළ පසු මාස හතරක පමණ කාලයක් ඖෂධ ගෙන්වීම සඳහා වැයවන අතර ජනවාරි මාසය වනවිට ඖෂධ රට තුළට පැමිණීම සහ ගබඩා කිරීම සිදු කළ යුතුයි.

නමුත් 2022 වර්ෂය සඳහා අවශ්‍ය ණයවර ලිපි මේ වන තුරුත් නිකුත් වී නොමැතිවීම හේතුවෙන් අත්‍යවශ්‍ය ඖෂධ ඇනවුම් කිරීමේ ක්‍රියාවලිය දැනටමත් මාස 4ක පමණ ප්‍රමාදයකට ලක්ව තිබෙනවා.

කොවිඩ් වසංගතය හේතුවෙන් අනපේක්ෂිත ලෙස අතිරික්ත වූ ඖෂධ නොවන්නට මේ වන විටත් රට තුළ බරපතළ ඖෂධ හිඟයක් ඇති වී තිබිය යුතු නමුත්, ඉදිරිය පිළිබද නිවැරදි කළමණාකරණයක් සිදු නොවුණහොත් තව මාසයකින් පමණ රට තුළ උග්‍ර ඖෂධ හිඟයක් ඇතිවීම නොවැළැක්විය හැකි බවයි රවී කුමුදේශ් අවධාරණය කරන්නේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රාජ්‍ය අමාත්‍යාංශය ඉදිරිපත් කරනු ලබන දත්ත හා සැලසුම් පිළිබදව විමසීමේදී, මෙම අර්බුදකාරී තත්ත්වය පිළිබදව නිසි අවබෝධයකින් කරයුතු කරමින් සිටින්නේ ද යන්න පිළිබදව අවිශ්වාසය පවතින් අතර, නිවැරදි සංඛ්‍යාලේඛන ඉදිරිපත් කිරීමට කිසියම් බියක් දක්වන්නේ ද යන්න පිළිබදව සැකයක් මතු වනවා.

අවම වශයෙන් ඩොලර් මිලියන 40ක පමණ මුදලක් අවශ්‍ය වන මෙම ගැටලුව විසදා ගැනීම සදහා රජය ලබාදීමට එකඟව ඇති ඩොලර් මිලියන 5ක මුදල එක ඖෂධයකටත් ප්‍රමාණවත් නොවන තත්ත්වයක් තිබියදී, එමගින් ගැටලුව විසදාගත හැකි බව ප්‍රකාශ කිරීමට තරම් රාජ්‍ය අමාත්‍යාංශය ඉක්මන් වී තිබීම පුදුමයට කරුණකි.

කෙසේ නමුත් ඉදිරියේදී කල් ඉකුත් වූ වීමට නියමිත ශ්‍රී ලංකා සංවර්ධන මණ්ඩලයේ බොන්ඩ්ස් මගින් ඉපයෙන ආදායම මගින් මෙම ණයවර ලිපි නිකුත් කළ හැකි බවට, මුදල් අමාත්‍යාංශයේ පොරොන්දුව සෞඛ්‍ය අමාත්‍යවරයාගේ විශ්වාසයට ලක්ව තිබීම මගින් ද ගැටලුවේ සැබෑ ස්වරූපය හඳුනාගෙන නොමැති බව තේරුම් ගැනීමට ඇති හොඳ නිදසුනක්.

එබැවින් මාස හතරකට පෙර සිදු කළ යුතු සැලසුම් තවදුරටත් ප්‍රමාද නොකර, ගැටලුවේ යථා ස්වරූපය අවබෝධ කර ගනිමින්, ඖෂධ හිඟයක් ඇතිවීම වැළැක්වීම සඳහා යථාර්ථවාදී ව මැදිහත්වීම මේ මොහොතේ රජයේ ප්‍රමුඛ වගකීමක්.

පිළිකා ඖෂධ, වකුගඩු රෝග, හදවත් රෝග, ළමා රෝග සඳහා අවශ්‍ය ඖෂධ, ප්‍රතිජීවක ඖෂධ වැනි ඖෂධ වර්ග ගණනාවක් මේ යටතේ හිඟවීමට ඉදිරියේදී ඉඩ ප්‍රස්තාව ඇති වන බවයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිසිවෙකුට අපිව පරාජය කරන්න බැහැ..පිටින් වගේම අභ්‍යන්තරයෙත් අපිට අභියෝග තියෙනවා
10:18
Video thumbnail
කළුතරදී යකා නටපු පුද්ගලයෙක්ට වැඩ වරදියි
00:58
Video thumbnail
ජාතික පරිසර පනත ගැන සජිත්ගෙන් ප්‍රබල ප්‍රකාශයක් - පාරිභෝගිකයට බෑනේ නිෂ්පාදනකරුවට බලපෑම් කරන්න
03:54
Video thumbnail
දොර කාගෙහරි වාහනයක වැදෙනකන් දන්නේ නෑනේ - රියදුරෙක් මීට වඩා අවධානයෙන් ඉන්න ඕනි
01:43
Video thumbnail
එදා බලයේ හිටපු අය යට ගැසූ බොහෝදේ දැන් එළිවෙමින් පවතිනවා - කදිනල් හිමි කළ හෙළිදරව්ව
08:09
Video thumbnail
හිටපු පාලකයන්ට කාදිනල් හිමිගෙන් සැර කතාවක් - පාස්කුවේ තිබුණ සාක්ෂිත් විකෘති කරපු එක කළේ
05:55
Video thumbnail
නිෂ්පාදනය රටේ Brand එකක් විදියට ඉස්සරහට යනකල් දියුණුවක් වෙන්නේ නෑ
03:11
Video thumbnail
වෙනස්වීම්වලට මුහුණ දෙන්න ක්‍රමයක් රටේ නෑ - අපේ ක්‍රමයන්වලින් ප්‍රශ්නවලට මුහුණ දෙන්න ඕනි
02:19
Video thumbnail
උහුලන්න බැරි තරමට රජයන් IMF සහයෝගයෙන් බදු අය කරනවා..ඇදගෙන යන්න තරම් සංකල්ප නෑ
04:32
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන මහජනතාව විශේෂ දැනුවත් කිරීමක් - ජලය කළමණාකරනය කළොත් මේකට මුහුණදෙන්න පුළුවන්
09:46