ඕස්ට්‍රේලියානු යොවුන් ක්‍රීඩිකාවන් පරදා ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන්ට සුපිරි ජයක්

සංචාරක ඕස්ට්‍රේලියානු යොවුන් කාන්තා කණ්ඩායමට එරෙහිව පැවති දෙවැනි විස්සයි විස්ස තරගයෙන් ද විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායම අද (21) සමත් වුණා.

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන්, ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් පරදා මෙම තරගය ජයගත්තේ ලකුණු 29 කින්.

දඹුල්ල ක්‍රීඩාංගණයේ දී පැවති මේ තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන් පන්දුවාර 20 අවසානයේදී කඩුලු 09ක් දැවී ලකුණු 138ක් රැස් කිරීමට සමත් වුණා.

අනතුරුව ලකුණු 139ක ඉලක්කයක් හඹා ගිය ඕස්ට්‍රේලියානු ඉනිම පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 109කට සීමා කරන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ට හැකියාව ලැබුණා.

එහිදී අසේනි තලගුණේ ලකුණු 15කට කඩුලු 02ක් සහ ශෂිනි ගිම්හානි ලකුණු 17කට කඩුලු 02ක් දවා ගනිමින් ශ්‍රී ලංකා ජයග්‍රහණයට මාවත සකසා දුන්නා.

කණ්ඩායම් දෙක අතර ඊයේ (20) පැවති පළමු විස්සයි විස්ස තරගය ද ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ජයග්‍රහණය කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මූණු විතරයි මාරුවුණේ ප්‍රතිපත්ති වෙනස්වෙලා නෑ - පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රටට ඕනිද ?
09:16
Video thumbnail
කන්ද උඩරට ඇසළ පෙරහර දෙවෙනි කුඹල් පෙරහර පැවැත්වූ අයුරු - බලන්නකෝ ඒ ලස්සන
03:14
Video thumbnail
රන්දෙවොල වගේ තියෙන අධිකරණය යටත් කරගන්න යන්නේ - ජනතාවගේ මනස විකෘති කරලා 22වන සංශෝධනය ගැන
04:04
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු
01:43
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු බෝට්ටුඅනතුරේ ඇත්ත කතාව එළියට
01:45
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු - සෙට් එක නොන්ඩි ගගහා එන හැටි
03:01
Video thumbnail
ආයතනයකට කඩා පැනලා යකා නටපු හැටි - තඩි හොරුනේ තමුසෙලා..සල්ලි අරගෙන මුන් ජෝගි දානවා
05:47
Video thumbnail
බෙල්ලන්විල ධම්මරතන නාහිමිගෙන් ආණ්ඩුවට සැර කතාවක් - හොරු ඉන්නවා වැහි වැහැලා..මේක සාර්ථක නෑ
03:59
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි.. ජීවිත අනතුරේ හෙළමින් මහ පාර බදු අරන් ගිය බස් රථය...
00:57
Video thumbnail
බූස්සට ගිය අධිකරණ ඇමතිට යකා නැග්ගද ?දැනගත්තත් මේකට උත්තර දෙන්නේ නෑ
02:32