ඔසී සිට මෙරටට ආ ගුවන් යානයක් ගැන විශේෂ නිවේදනයක්

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ඔස්ට්‍රෙලියාවේ සිඩ්නි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ බලා ඉකුත් 21 වැනි දින පැමිණෙමින් තිබූ යූ.එල්.- 607 දරන ගුවන් යානයෙහි සේවය කළ ප්‍රධාන නියමුවා සහ ඔහුගේ සහායක නියමුවාගේ වැඩ තහනම් කර තිබෙනවා.

මේ වනවිට (14) ඔවුන් පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.

මෙම ගුවන් යානයේ සේවය කළ සහායක නියමුවරයා, සිය ශරීර කෘත්‍ය සඳහා වැසිකිළිය වෙත ගොස් ආපසු පැමිණි විට, ප්‍රධාන ගුවන් නියමුවා විසින්, සහායක නියමුවාට යළිත් නියමු කුටියට පිවිසීම සඳහා දොර විවෘත නොකිරීම නිසා මෙම සිදුවීම ඇති වී තිබෙන බවයි පැවසෙන්නේ.

එකී සිදුවීම සඳහා මෙම ගුවන් නියමුවන් අතර ඇති වී තිබූ මතභේදාත්මක තත්ත්වයක් පසුබිම් වී ඇති බවයි හෙළි ව ඇත්තේ.

ඒ අනුව ශ්‍රී ලන්කන් ගුවන් සේවය ගුවන් මගීන්ගේ සුරක්ෂිතතාව ආරක්ෂා කිරීමට සහ ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා ආයතනයේ පිරිවිතරයන් අනුගමනය කරමින්, මෙසේ මෙම ගුවන් නියමුවන්ගේ සේවය අත්හිහිටුවා, ඒ පිළිබඳ විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අජිත් පී පෙරේරා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
12:11
Video thumbnail
ජනාධිපති සමඟ සාකච්ඡාවට මහනායක හිමිවරුන් පැමිණෙන අයුරු - වාහන ටික පෝළිමට එන හැටි
02:33
Video thumbnail
ශිරන්ති බලන්න මහින්ද වැලිකඩට
00:19
Video thumbnail
ශිරන්තිව බලන්න දයාසිරිත් වැලිකඩට - මේ රටට වැඩ කරපු මිනිස්සු
01:17
Video thumbnail
අනේ මහත්තයෝ..දෙයියන්ගේ නාමයෙන් විශ්‍රාම යන්න - මේ පච කියන්නේ සේවා දිගු මස් කට්ට ගන්න ?
01:45
Video thumbnail
මුජිබුර්ගේ කතාව නිසා අගමැතිනිට රතු කට්ට පනී
13:01
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12
Video thumbnail
මුජිබුර් බිමල්ට රිදෙන්නම දෙයි - ඔයාලා තමයි දූෂිතයින්ව ගෙනාවේ
05:21
Video thumbnail
ශිරන්තිව බලන්න මහින්ද වැලිකඩට එයි
00:37
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම නිසා මිහින්තලේ හිමිට යකා නගියි - මාලිමා ආණ්ඩුව අරහත් ධජය ගැලෙව්වා
06:39