ඔල්ගා ස්පාඤ්ඤයට පාපන්දු ලෝක කුසලානය දිනා දෙද්දී පියා ලෝකය හැර ගිහින්

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි හිදී පැවති FIFA කාන්තා ලෝක කුසලාන අවසන් මහා තරඟයේ දී ස්පාඤ්ඤ කාන්තා පාපන්දු කණ්ඩායම එංගලන්තය පරාජය කරමින් ලෝක කුසලානය දිනාගත්තා.

මෙම තරගය ස්පාඤ්ඤ ජය ගත්තේ ගෝල එකට බිංදුවක් ලෙසටයි.

එහිදී 23 හැවිරිදි ඔල්ගා කාර්මෝනා අවසන් මහා තරගයේ දී ස්පාඤ්ඤයට ලෝක කුසලානය දිනාගැනීමට පුරෝගාමියා බවට පත් වුණා.

ස්පාඤ්ඤ වෙනුවෙන් වාර්තා වූ ජයග්‍රාහී එකම ගෝලය රැස් කිරීමට තරගයේ පළමු අර්ධයේ දී ඔල්ගා කාර්මෝනා සමත් වුණේ ක්‍රීඩාංගණයට රැස්ව සිටි ප්‍රේක්ෂකයින් අමන්දානන්දයට පත්කරමින්.

එම ජයග්‍රාහී ගෝලයෙන් ස්පාඤ්ඤට සතුට ගෙන ආ ඔල්ගාට ලෝක කුසලාන ජයග්‍රහණය කර විනාඩි කිහිපයක් යන්නට පෙර ලැබුණු ශෝකජනක පුවතක් හේතුවෙන් ඇයට ලෝක කුසලාන ජයග්‍රහණය සැමරීමට අවස්ථාවක් නොලැබී ගියා.

ඒ,ඔල්ගා කාර්මෝනාගේ පියා පසුගිය 18 වනදා මිය ගිය බවට ස්පාඤ්ඤ පාපන්දු සංගමය ඇයට දැනුම් දීමට කටයුතු කිරීමත් සමඟයි.

දීර්ඝ කාලීනව රෝගී තත්ත්වයකට ගොඳුරු වී සිටි ඔල්ගා කාර්මෝනාගේ පියා පසුගිය 18 වනදා මිය ගියත් එම පුවත අවසන් මහා තරගය අවසන්වන තෙක් ඇයට දැනුම්දීමට පවුලේ සාමාජිකයින් සහ ස්පාඤ්ඤ පාපන්දු සංගමය කටයුතු කර තිබුණේ නැහැ.

ඒ, තරගය පිළිබඳ ඇගේ අවධානය බිඳ වැටෙයි යැයි බියෙන්.

කෙසේ වෙතත් මෙම අවසන් මහා තරගය නැරඹීම සඳහා ඔල්ගාගේ මව සහ පවුලේ සාමාජිකයින් කිහිප දෙනෙක්ම ඕස්ට්‍රේලියාවට පැමිණ සිටියා.

“ඔබගේ මරණය ගැන නොදැනුවත්ව මම මගේ නිල ඇඳුමේ තරු පැළඳගනිමින් අවසාන තරඟයට ක්‍රීඩා කළා. ඉතා සුළු පිරිසක් පසු කරන අද්වීතිය කඩඉමක් පසු කිරීමට ඔබ මට ශක්තිය ලබාදුන්නා. මම දන්නවා ඉන්න තැනක සිට ඔබ මගේ අවසාන තරඟය නැරඹුවා කියලා. සමාදානයේ සැතපෙන්න තාත්තේ.” යනුවෙන් ඔල්ගා කාර්මෝනා අවසානයේ සිය පියා වෙනුවෙන් ශෝකය පළකර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
8
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොළඹ ජාතික රෝහලේ හදිසි සැත්කම් ඒකකයට ලබුණ මිලියන 15ක් වටිනා තෑග්ග
02:11
Video thumbnail
දැරියකට කළ කැත වැඩක් කළ පෞද්ගලික උපකාරක පංති ගුරුවරයට වැඩ වරදී..කියන්න එපා කියලා තර්ජනය කරලා
01:54
Video thumbnail
ත්‍රීරෝද රථයක් සීඝ්‍රග්‍රාමී දුම්රියක ගැටී ත්‍රීවිල් රියදුරු එතනම එළොව යයි..
01:17
Video thumbnail
පාස්කු සිද්ධිය පස්සේ අදිසි හස්තයක් තිබුණා - රාජිත සලේ ගැන කට අරියි
02:09
Video thumbnail
ෂාන් විජයලාල් මාංචුත් දාගෙන වැටි වැටි යන බන්ධනාගාර බස් එකට නගින හැටි
00:46
Video thumbnail
තෙවරක් වන්දනා කර සොරකමේ ආ සොරදෙටුවා
00:39
Video thumbnail
ෂාන් විජයලාල් මාංචුත් දාගෙන වැටි වැටි යන බන්ධනාගාර බස් එකට නගින හැටි - මූණත් අවුල් කරගෙන එන්නේ
01:27
Video thumbnail
ඇමති ආනන්ද විජේපාල කළ කතාවට ගම්මන්පිල පිංදෙයි - සලේ ගැන පට්ටපල් පච මාලාවක් කිව්වේ
11:53
Video thumbnail
ගාලුමුවදොර මුහුදේ ගසාගෙන ගිය දරුවෙකුගේ දිවි අහිමි වෙයි - සංවේදී දර්ශන සහිතයි..
01:58
Video thumbnail
මීළඟ ජනාධිපති වෙන්න නාමල් රාජපක්ෂ සූදානම් බව විදෙස් මාධ්‍යයට කියයි
01:07