කැප්පෙටිපොල පොලිස් වසමේ සිල්මියාපුර ප්රදේශයේ සිට සිල්මියාපුර ඔයෙන් එගොඩ වීමට ගිය කාන්තාවන් පිරිසක් අතුරින් එක් කාන්තාවක් දියේ ගිලී අතුරුදන්ව ඇති බව පොලිසිය පවසනවා.
ඊයේ (14) දින දහවල් මෙම අනතුර අසිඋව ඇති බවයි වාර්තා වන්නේ.
දියේ ගිලී අතුරුදන් වූ කාන්තාව අවුරුදු 44 ක් වූ මැදවෙල ප්රදේශයේ පදිංචිකාරියක්.
දියේ ගිලී අතරුදන් වූ කාන්තාව සොයා කැප්පටිපොල පොලිසිය විසින් නාවික හමුදාවේද සහය ඇතිව මෙහෙයුම් කටයුතු සිදු කරනු ලබනවා.
