ඔන්ලයින් පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය 23 සහ 24

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය ලබන 23 සහ 24 පැවැත්වීමට තීරණය වී තිබෙනවා.

අද (12) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණය ගෙන ඇති බවයි පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂාණි රෝහණදීර මහත්මිය සඳහන් කළේ.

ජනවාරි දෙවන පාර්ලිමේන්තු සතියට අදාළව පාර්ලිමේන්තු රැස්වීම් ජනවාරි 23 අඟහරුවාදා සහ ජනවාරි 24 බදාදා පමණක් පැවැත්වීමටත් මෙහිදී තීරණය වී තිබෙනවා. ජනවාරි 25 බ්‍රහස්පතින්දා පොහොය නිවාඩුව යෙදී ඇති බැවිනුයි මෙම තීරණය ගෙන ඇත්තේ.

මේ අනුව ජනවාරි 23 අහරුවාදා පෙරවරු 9.30ට මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය ආරම්භකිරීමට නියමිත අතර එය පස්වරු 5 දක්වා පැවැත්වෙනවා.

අනතුරුව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ විසින් ගෙනෙන ලද ශ්‍රී ලංකාවේ නීති අධ්‍යාපනය පිළිබඳ සමාලෝචනය කර ප්‍රතිසංස්කරණය කිරීම සදහා නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පිළිබඳ යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතයි.

එසේම පෞද්ගලික සංස්ථාගත කිරීමේ මන්ත්‍රී පනත් කෙටුම්පත් වන හදට හද භාරකාර අරමුදල, ශ්‍රී ලංකා බැප්ටිස්ට් සංගමය, ශ්‍රී බාලාභිවෘධි වර්ධන සමිතිය, සමාධි ප්‍රජා සංවර්ධන පදනම සහ දස්සනා බෞද්ධ සංවිධානය සලකා බැලීම සිදුවන බවත්, දැදිගම ශ්‍රී මෛත්‍රී ප්‍රඥාර්ථ බෞද්ධ අධ්‍යාපන දහම් සභාව, සවීර පදනම සහ පවිත්‍රා වන්නිආරච්චි සහෘද පදනම යන සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත් දෙවන වර කියවීම සහ ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට යොමු කිරීමටත් නියමිතව තිබෙනවා.

ඉන්පසු පස්වරු 5 සිට 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන්කර තිබෙනවා.

24 වන බදාදා පෙරවරු 9.30 සිට 10.30 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහායි වෙන්කර ඇත්තේ.

අනතුරුව පෙරවරු 10.30 සිට පස්වරු 5 දක්වා මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය දෙවැනි දිනටත් පැවැත්වීමට නියමිතයි.

එසේම එදින පස්වරු 5ට පමණ ශ්‍රී ලංකා ආයෝජන පනත යටතේ අංක 2334/39 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ සදහන් නියෝග, විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වගන්තිය යටතේ අංක 2356/20 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය සහ විදේශ විනිමය පනතේ 22 වගන්තිය යටතේ අංක‍ 2363/26 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය විවා‍දයකින් තොරව අනුමත කිරීමට ද මෙහිදී එකඟක්වය පළවී තිබෙනවා.

අනතුරුව, පාර්ලිමේන්තුවේ වසර 40කට ආසන්න කාලයක් රාජකාරි සිදු කර විශ්‍රාම ගැනීමට නියමිත වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතාගේ සේවය ඇගයීම වෙනුවෙන් ‍පැයක කාලයක් වෙන්කිරීමට ද මෙහිදී තීරණය වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රතුගල නව ආදිවාසී නායක තනතුරට පුත් නිශාන්ත කුමාර ඇත්තන් පත් කළ හැටි..මෙයාට ශක්තියක් තියෙනවා
03:20
Video thumbnail
රතුගල ආදිවාසී නායකයා සැමගේ සෝසුසුම් මැද අවසන් කටයුතු වූ අයුරු..මහ සෙනඟක් ඇවිත්
07:11
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ සිරුරු කොටස් රසායනාගාර පරීක්ෂණවලට..මෙන්න එහි නවතම දර්ශන
02:22
Video thumbnail
වාහනයක් පදවනවනම් මේක අනිවාර්යෙන් බලන්න..කිසිම වාහනයක නෑ Fire Extinguisher එකක්
02:13
Video thumbnail
18% මිල වැඩි කිරීම රජය ගත්තු කප්පමක්..විදුලි බිල වැඩිවීම ගැන සජිත් කට අරියි
04:49
Video thumbnail
හැකර්ලගේ ප්‍රහාර තව දුරටත් අනාගතේ වෙන්න පුළුවන්..හැකර්ලා නවත්තන්න ලේසි න නෑ l Wasantha Samarasinghe
04:51
Video thumbnail
අම්පිටියේ හිමි හදිසියේම මහ සෙනඟක් එකතු කරයි..රට හදන්න පුළුවන් මීළඟ ජනපති දිලිත් ජයවීර
02:25
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ එළොව යාම නිසා පොහොට්ටුව බය වෙලාද ?"ඔව් අපි බයයි"
03:42
Video thumbnail
PUCSL එක ගල් අඟුරු වංචාව පැත්තේ හිටියේ..විදුලි බිල ඉහළ යාම නිසා අතුලට යකා ආරූඪ වෙයි
06:27
Video thumbnail
පසන් කස්තුරිගෙන් ආණ්ඩුවට සැර සත්තමක්..හිටපු ජනපති මහින්දට ජම්පරේ අදින්න වෙයිද ?
01:38