ඔන්ලයින් පනතට එරෙහි සුමන්තිරන්ගේ පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ

මෑතකදී මහත් ආන්දෝලනයකට තුඩු දුන් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ නිසියාකාරව සම්මත වී නොමැති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (29) දින තීන්දු කළා.

ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පුලි යන විනිසුරුවරුන්ගේ එකඟත්වය සහිතව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන විසින් මෙම තීන්දුව ලබා දුන්නා.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන විවෘත අධිකරණයේ කරුණු ඉදිරිපත් කරමින් ” පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත ප්‍රකාරව පාර්ලිමේන්තුවේ අභ්‍යන්තර කටයුතු සඳහා මැදිහත් වීමට අධිකරණයට බලයක් නැහැ.ඒ අනුව මෙම පනත පාර්ලිමේන්තුව තුළ නිසියාකාරව සම්මත වී තිබේද යන්න පරික්ෂා කිරීමට අධිකරණයට බලයක් නොමැති බව පෙනී යනවා. එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාව ප්‍රකාරව කතානායකවරයා යම් පනත් කෙටුම්පතක් සම්මත වී ඇති බව සහතික කළ පසු ඊට මැදිහත්වීමටද අධිකරණයට බලයක් නෑ. හිටපු අග විනිසුරු ශර්වානන්ද මහතා ප්‍රමුඛ විනිසුරු මඩුල්ලක් විසින් ලබාදුන් තීන්දුවක් තුළින්ද මෙම කරුණු තහවුරු කර තිබෙනවා.
යම් පනතක දෝෂ සහගත භාවයක් දකින්නට තිබේ නම් ඊට ප්‍රතිකර්මය වන්නේ පාර්ලිමේන්තුව තුළදීම ඊට අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමයි.” යනුවෙන් සඳහන් කළ විනිසුරුවරයා අදාළ පෙත්සම විභාග කිරීමට අධිකරණයට බලයක් නොමැති බැවින් එය නිෂ්ප්‍රභ කරන බවත් අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්දිරන් විසින් ඉදිරිපත් කර තිබූ මෙම පෙත්සම වග උත්තරකරුවන් ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන සහ නීතිපතිවරයා නම් කර තිබුණා.

පෙත්සම්කාර පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් සිය පෙත්සමින් කියා සිටින්නේ ,මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත සාමාන්‍ය බහුතර ඡන්දයෙන් සම්මත කරන්නේ නම් ඊට සිදු කළ යුතු සංශෝධන ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යෝජනා කර තිබූ බවයි.

එහෙත් අදාළ පනත් කෙටුම්පත කාරකසභා අවස්ථාවේදී විවාදයට ගත් මොහොතේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉදිරිපත් කළ සංශෝධන පනතට ඇතුළු කිරීම රජය විසින් ප්‍රතික්ෂේප කර තිබෙන බවත් එබැවින් අදාළ පනත නිසියාකාරව සම්මත වී නොමැති බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් එම පෙත්සමෙන් වැඩි දුරටත් ඉල්ලා තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාස්කු ප්‍රහාරය කළේ ගෝඨා කියලා සාක්ෂි ඇතුව ඔප්පු කරන්න
20:11
Video thumbnail
කඳුළු පාස්කුවක අඳුරු මතකය - වසර 7ක් ගතවුණත් උත්තර නැති ප්‍රශ්නයක්
03:51
Video thumbnail
පාස්කු වින්දිතයින්ට අපහාස කරන්න බෑ - බැරි නම් මේක දාලා යන්න
07:59
Video thumbnail
පාස්කු ප්‍රහාරයට මුජිබුර් සම්බන්ධයි..? සජිත් වගකියන්න ඕනේ
10:12
Video thumbnail
කාදිනල්තුමාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
27:51
Video thumbnail
පාස්කු වින්දිතයින් සිහිකරමින් පැවැත්වුණු පාස්කු සැමරුම
02:55
Video thumbnail
කොම්පඤ්ඤ වීදියේ ක්‍රිස්තියානි පල්ලියටත් දැඩි ආරක්ෂාවක්
00:49
Video thumbnail
පොල් වගාවක් තුළ ජයටම කරගෙන ගිය ගංජා හේනක් කොටුවෙයි
01:47
Video thumbnail
කොටහේන ශාන්ත අන්තෝනි දේවස්ථානයේ ආරක්ෂාව තර කරයි
01:12
Video thumbnail
සාම පාද යාත්‍රාව - විශේෂ මාධ්‍ය හමුව | අත්තනගල්ල රජමහා විහාරයේ සිට | සජිවීව
00:00