ඒ අසාධාරණකම් ගැන මුලින්ම ඉව වැටුණු මොහොතේ ඉදලා මම ප්‍රශ්න කළා

2020 ලෝක විවාහක රූ රැජිණ ලෙසින් තේරී පත්වුණු ශ්‍රී ලංකාවේ කැරොලයින් ජූරි සිය කිරුළ අත් හැරීම මේ වනවිට ලෝක විවාහක රූ රැජිණ සංවිධායක මණ්ඩලය පිළිගෙන තිබෙනවා. ඒ අනුව එම තරඟාවලියේ දෙවන ස්ථානය දිනාගත් අයර්ලන්ත රූ රැජිණ වෙත කිරුළ හිමි වුණා . මේ පිළිබඳව ඔවුන් දැන්වූ පසු කැරොලයින් ජූරි විසින් ලෝක රූ රැජිණ සංවිධායක මණ්ඩලය වෙත ලිපියක් යවා තිබෙනවා.

එහිදී ඇය සඳහන් කරන්නේ, 2020 ලෝක විවාහක රූ රැජින කිරුළ දරණ කාලයේ දී කාන්තාවන්ගේ සහ දරුවන්ගේ ජීවිත ඔසවා තැබීමට කටයුතු කිරීමට ලැබීම තමා ලද භාග්‍යක් බවත්, තමන් සැමවිටම සමාන සහ සාධාරණ අවස්ථාවන් පෙනී සිටීම විශ්වාස කරන බවයි. එමෙන්ම අසාධාරණකම් පිළිබඳව ඉව වැටුණු විගසම ඒ පිළිබඳව ප්‍රශ්න කළ බවත් තමා පෙනී සිටියේ කිසිඳු අසාධාරණයකින් හෝ අයුතු බලපෑමකින් තොරව තමාට සමාන සහ සාධාරණ ලෙස සලකනු ඇතැයි බලාපොරෝත්තුවෙන් ආ සියළුම තරඟකාරිනියන් වෙනුවෙන් බවත් ඇය සිය ලිපියේ සඳහන් කර තිබෙනවා. එම අසාධාරණයට පෙනී සිටීම පිළිබඳව තමන් ආඩම්බර වන අතර අයුතු, අසාධාරණ සහ අයුක්ති සහගත වටපිටාවක, ලෝක විවාහක රූ රැජිණ කිරුළ හිස පැළඳීම එම කිරුළේ අරමුණ සහ සියළු කාන්තාවන්ගේ අයිතිය පාවාදීමක් බවද ඇය සඳහන් කරයි.

එමෙන්ම පසුගිය වසරවලදී තමාට ලබා දුන් සහයෝගයට ස්තූතිවන්ත වන අතර තමා සහ ලෝක රූ රැජින තරඟාලියේ සංවිධායක මණ්ඩලය සමග ගිවිසුම් ගත අවබෝධතා ගිවිසුම මෙයින් අවසන් කරන බවද ඇය පවසා තිබෙනවා. තවද ලිපිය අවසන් කරමින් ඇය ඉල්ලා සිටින්නේ මේ වසරේ ලෝක විවාහක රූ රැජිණ තේරීමේ තරඟාවලිය සැලසුම් කළ පරිදිම ශ්‍රීලංකාවේ පවත්වන ලෙසයි.

එහි සිංහල පිටපත පහතින්

174253128 554538745682225 5411193814927719744 n
174381577 1362925854087315 2945970308721594684 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
23
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29