එස්.අයි ගෙදර ගෙනා බෑගය ගැන තවත් අනාවරණයක්

අනියම් පෙම්වතිය මරා ඇගේ හිස සුන් මළකඳ වේල්ල වීදියේ අතහැර ඇගේ හිස කොටස රැගෙන බඩල්කුඹුර සිය නිවෙසට ගිය උප පොලිස් පරීක්ෂක පෙම්වතා, බිරිය හා දරුවන් නින්දට ගිය පසු මහ රෑ අවදි වී තම පෙම්වතියගේ හිස කිසියම් තැනක වළ දමන්නට ඇතැයි සැක කරන බව මේ පිළිබඳ විමර්ශන සිදුකරන  පොලිස් නිලධාරියෙක් පුවත්පතකට පවසා තිබෙනවා

ඊට තවත් හේතුවක් වන්නේ මියගිය උප පොලිස් පරීක්ෂකවරයාගේ ඇඳුම් කිහිපයක් ඊට පසුදින අලුයම ගෙවත්තේ ගිනි තබා තිබීමයි .

ඒ ඇඳුම් අතර ඔහු කොළඹ සිට බඩල්කුඹුර සිය නිවෙසට යද්දී ඇඳගෙන ගිය රෝසපාට ටී ෂර්ට් එකේ කොටස්ද තිබී ඔහුගේ දියණිය විසින් හඳුනාගෙන තිබෙනවා

ඒ අනුව පොලිසිය සැක කරන්නේ මියගිය පොලිස් පරීක්ෂකවරයා ගෙදර අය නින්දට ගිය පසු අවදි වී කාටත් හොරෙන් සිය ඇඳුම් ගිනි තබා යළි කිසිවක් නොදන්නකු සේ නින්දට ගොස් තිබෙන බවත්ය.

මේ සම්බන්ධයෙන් වේල්ල වීදිය පොලිස් ස්ථානාධිපති අජිත් පේදුරුආරච්චි මහතා ඇතුළු කණ්ඩායමක් මියගිය උප පොලිස් පරීක්ෂකවරයාගේ බිරිය හා දරුවන්ගෙන් ප්‍රශ්නකොට ප්‍රකාශ ලබාගෙන තිබෙනවා .

ඒ අනුව ඔහුගේ දියණියක් පොලිස් නිලධාරීන් හමුවේ පවසා ඇත්තේ තම පියා එදින රාත්‍රි 11.30 ට පමණ නිවෙසට පැමිණි බවත්, ඒ අවස්ථාවේ ඔහු සිය බෑගයද රැගෙන ගෙදර ආ බවත්ය.

පසුව තමාගෙන් තුවායක් ඉල්ලාගෙන නාන කාමරයට ගොස් පැමිණ රාත්‍රි ආහාරය ගැනීමට සූදානම් වූ බවයි .

ඒ අවස්ථාවේ තමා පිඟානක් ගැනීමට කුස්සියට ගිය බවත් ඒ අවස්ථාවේ ඇඳුම් කිහිපයක් සින්ක් එක අසල තිබූ බවත් ඇය පොලිසිය හමුවේ පවසා තිබෙනවා එහෙත් එම ඇඳුම් තම පියාගේ ඇඳුම් නොවන බවත් එම ඇඳුම් තම පියා කිසි දිනෙක අඳින ඇඳුම් නොවන බවත් ඇය පවසා තිබෙනවා

පසුව සියල්ලම නින්දට ගිය බවත් පසුදින පාන්දර පහට පමණ තමා හා මව අවදි වූ බවත් ඒ මොහොතේ කුස්සියේ තිබූ ඇඳුම් කිසිවක් මෙන්ම පියා ගෙදරට ගෙන එන ලද බෑගයද නොතිබූ බවත් ඒත් ඒ වන විට පියා කාමරයේ නිදා සිටි බවත් ඇය පවසා තිබෙනවා

මෙම ප්‍රකාශ නිසා පොලිසිය සැක කරන්නේ අදාළ උප පොලිස් පරීක්ෂකවරයා මහ රෑ අවදිව සිය ටී ෂර්ටය ඇතුළු තවත් ඇඳුම් ගිනි තබා ඇගේ හිස ගෙනා බෑගය පුලුස්සා ඇති බවයි .

ඒ අනුව පොලිසිය පවසන්නේ අදාළ උප පරීක්ෂකවරයා බඩල්කුඹුර සිය නිවෙසට එද්දී මධ්‍යම රාත්‍රියට ආසන්න වූ බැවින් ඔහු හීන් සැරේ වත්තට ගොස් පෙම්වතියගේ හිස කෙසෙල් ගසක පාමුල තබා ගෙදර දොර විවර කරගෙන නිවෙසට ඇතුළු වී පසුව ගෙදර පිරිස නින්දට ගිය පසු මහ රෑ අවදිව පෙම්වතියගේ හිස හා ඇඳුම් විනාශ කරන්නට ඇති බවට සැක කරන බවයි

කෙසෙල් ගස පාමුල ලේ බිඳු තිබීමට කිසිම හේතුවක් නැති බවත් එම රුධිරය නිශ්චිතවම මරා දැමූ පෙම්වතියගේ හිසෙන් වැගිරුණු ඒවා දැයි දැන ගැනීමට එම රුධිරය ඇගේ රුධිර සාම්පල සමඟ සැසඳීමට ඩී.එන්.ඒ. පරීක්ෂණයක් සිදු කරන බවත් පොලිසිය පවසනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අභිරහසක් ඉතිරි කර පිළිස්සී එළොව ගිය වයෝවෘද්ධ කාන්තාව..
01:01
Video thumbnail
නාමල් ගිහින් හිටපු නගරාධිපති ජාලියෝට දුන්න සුපිරි Birthday Surprise එක..මචන් මටත් කේක් කෑල්ලක්
02:07
Video thumbnail
අවුරුදු උත්සවයට ගිය පිය පුතු ගමන රෝහලෙන් නතර වුණ හැටි..ත්‍රීවීල් එකක් දුම්රියක ගැටෙයි
01:05
Video thumbnail
රටේ ජාතික මූල්‍ය ආරක්ෂාව අනතුරේ..හිටිහැටියෙම මුදල් වාෂ්ප වෙන්න ඉඩ දෙන්න බෑ
08:06
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ සේවා පෙදෙසේ AC එකක්වත් වැඩ නෑ..මිනිස්සු හූරන් කන ආකාරයට මුදල් අය කරන්නේ
01:42
Video thumbnail
එළොව ගිය සහකාර අධ්‍යක්ෂකවරයා ගැන හර්ෂ සංවේදී වී කිව්ව දේ..සියලුම සාමාජිකයින්ට කම්පනයක් වුණා
00:57
Video thumbnail
"ඔව් දැවැන්ත හොරකමක් වෙලා තියෙනවා"අහිමිවුණ ඩොලර් මිලියන 2.5 ගැන හර්ෂගෙන් ප්‍රබල හෙළිදරව්වක්..
08:39
Video thumbnail
රටේ ඉතිහාසය අලුත් කරන මැයි දිනයක් බවට මේක පත්වෙනවා..21ම ඉතාම ඉහළින් සාර්ථක වෙනවා
06:20
Video thumbnail
මුළු කොලඹම කැළඹෙයි - බලය පෙන්නන්න හදන පරණ සෙල්ලම ආයෙත් එළියට
04:10
Video thumbnail
ඥානසාර හිමිගෙන් ක්‍රිකට් ආයතනය ගැන ඇස් උඩයන හෙළිදරව්වක් - මට හෙට තව නඩුවක් වැටෙයි
02:29