spot_img
AFC Banner
Empty Ad
Empty Ad

එක්ස්ප්‍රස් පර්ල් අභියාචනා පෙත්සම සලකා බැලීම අප්‍රේල් මස 4 වන දා

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිදුවීමට අදාළව කොළඹ මහාධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගය අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති අභියාචනා පෙත්සම සලකා බැලීම සඳහා අප්‍රේල් මස 4වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

අදාල නෞකා සමාගමේ නියෝජිතයින් විසිනුයි මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණේ.

එම පෙත්සම අද (21)දින මුර්දු ප්‍රනාන්දු, ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

ඒ අනුව අදාල අභියාචනා පෙත්සම සලකා බැලීම සඳහා අප්‍රේල් මස 4 වනදා කැඳවීමට නියෝග කළ විනිසුරු මඩුල්ල වග උත්තරකරුවන්ට නොතීසී යැවීමට පියවර ගන්නා ලෙසත් දැනුම් දුන්නා.

මෙම නෞකා අනතුර සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අදාළ නෞකා සමාගම විසින් අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කළ අතර එය නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය ඉකුත් දා තීන්දු කළා.

එම තීන්දුව අභියෝගයට ලක් කරමින් අදාල නෞකා සමාගම විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම අභියාචනා පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?