Empty Ad
AFC Banner
Empty Ad

එක්සත් රාජධානියේ නව අග්‍රාමාත්‍යවරියට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් සුබපැතුම්

එක්සත් රාජධානියේ නව අග්‍රාමාත්‍ය ධුරයට සහ කොන්සර්වේටිව් පක්ෂයේ නායකත්වයට අභිනවයෙන් තේරී පත් වූ එලිසබෙත් ට්‍රස් ( Elizabeth Truss ) මහත්මිය වෙත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා , සිය උණුසුම් සුබපැතුම් පිරිනමයි . විශේෂ සුබපැතුම් පණිවිඩයක් යොමු කරමින් රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය හවුල් ඉතිහාසයකින් බැඳී දීර්ඝ කාලීන මිත්‍ර සබඳතාවක් භුක්ති විඳින බවයි .

කැබිනට් අමාත්‍යාංශ ගණනාවක සේවය කර ඇති ට්‍රස් මහත්මියගේ පරිණතභාවය සහ අත්දැකීම් අග්‍රාමාත්‍යවරිය ලෙස ඇයගේ ජනවරම ඉටු කිරීමට මනා පිටිවහලක් වනු ඇති බව ද වික්‍රමසිංහ මහතා පෙන්වා දී තිබේ . ප්‍රජාතන්ත්‍රවාදී පරමාදර්ශ මගින් සවිගැන් වූ බහුවිධ හවුල්කාරිත්ව දේශපාලන , ආර්ථික සහ සංස්කෘතික සබඳතා තුළින් පුළුල් පරාසයක නියැලී ශක්තිමත් මානව සබඳතා අතරින් අන්තර්ක්‍රියා දක්වා විහිඳෙයි .

පොදු රාජ්‍ය මණ්ඩලයීය රටවල් සමග මහා බ්‍රිතාන්‍ය දියත් කර තිබෙන නව ප්ලැටිනම් හවුල්කාරිත්ව යෝජනා ක්‍රමය යටතේ එක්සත් රාජධානිය සමග තිබෙන සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කර ඇත . තව ද එක්සත් රාජධානියේ මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළඳ යෝජනා ක්‍රමයට ශ්‍රී ලංකාව ප්‍රතිලාභී රටක් ලෙස ඇතුළත් කිරීම ද වික්‍රමසිංහ මහතා ඇගයීමට ලක් කර ඇත .

2023 පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකාව සිය 75 වන නිදහස් සංවත්සරය සැමරීමට සූදානම්ව සිටින අතර , එක්සත් රාජධානිය සමඟ සහයෝගීතාව තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය සුබ පැතුම් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?