එක්සත් රාජධානියේ නව අග්‍රාමාත්‍යවරියට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් සුබපැතුම්

එක්සත් රාජධානියේ නව අග්‍රාමාත්‍ය ධුරයට සහ කොන්සර්වේටිව් පක්ෂයේ නායකත්වයට අභිනවයෙන් තේරී පත් වූ එලිසබෙත් ට්‍රස් ( Elizabeth Truss ) මහත්මිය වෙත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා , සිය උණුසුම් සුබපැතුම් පිරිනමයි . විශේෂ සුබපැතුම් පණිවිඩයක් යොමු කරමින් රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය හවුල් ඉතිහාසයකින් බැඳී දීර්ඝ කාලීන මිත්‍ර සබඳතාවක් භුක්ති විඳින බවයි .

කැබිනට් අමාත්‍යාංශ ගණනාවක සේවය කර ඇති ට්‍රස් මහත්මියගේ පරිණතභාවය සහ අත්දැකීම් අග්‍රාමාත්‍යවරිය ලෙස ඇයගේ ජනවරම ඉටු කිරීමට මනා පිටිවහලක් වනු ඇති බව ද වික්‍රමසිංහ මහතා පෙන්වා දී තිබේ . ප්‍රජාතන්ත්‍රවාදී පරමාදර්ශ මගින් සවිගැන් වූ බහුවිධ හවුල්කාරිත්ව දේශපාලන , ආර්ථික සහ සංස්කෘතික සබඳතා තුළින් පුළුල් පරාසයක නියැලී ශක්තිමත් මානව සබඳතා අතරින් අන්තර්ක්‍රියා දක්වා විහිඳෙයි .

පොදු රාජ්‍ය මණ්ඩලයීය රටවල් සමග මහා බ්‍රිතාන්‍ය දියත් කර තිබෙන නව ප්ලැටිනම් හවුල්කාරිත්ව යෝජනා ක්‍රමය යටතේ එක්සත් රාජධානිය සමග තිබෙන සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කර ඇත . තව ද එක්සත් රාජධානියේ මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළඳ යෝජනා ක්‍රමයට ශ්‍රී ලංකාව ප්‍රතිලාභී රටක් ලෙස ඇතුළත් කිරීම ද වික්‍රමසිංහ මහතා ඇගයීමට ලක් කර ඇත .

2023 පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකාව සිය 75 වන නිදහස් සංවත්සරය සැමරීමට සූදානම්ව සිටින අතර , එක්සත් රාජධානිය සමඟ සහයෝගීතාව තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය සුබ පැතුම් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39