spot_img
AFC Banner
Empty Ad
Empty Ad

උ.පෙළ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු තාවකාලිකව නවතා දමයි – අත්තිකාරම් මුදල් අද ගුරුවරුන් අතට

අද (26) දිනයේ සිට උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු තාවකාලිකව නවතා දැමූ බව ලංකා ගුරු සංගමය පවසනවා.

මාධ්‍ය හමුවක් පවත්වමින් එම සංගමය මේ බව සඳහන් කර සිටියා.

කොළඹ රාජකීය විද්‍යාලය, පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය ඇතුළු ඇගයීම් මධ්‍යස්ථාන රැසක මෙම තත්ත්වය උදා වී ඇති බවයි ලංකා ගුරු සංගමය පැවසුවේ.

ඇගයීම් කටයුතු සඳහා ගුරුවරුන්ට ගෙවිය යුතු රුපියල් 15,000 අත්තිකාරම් මුදල ලබානොදීම මීට ප්‍රධාන හේතුව වී ඇති බවයි ඔවුන් මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

පසුගිය රාජකාරිවල අදාළ ගෙවිය යුතු මුදල් තවමත් සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් කර නොමැති බව සඳහන් එම සංගමය, රුපියල් බිලියන 2.5ක මුදලක් ගුරුවරුන් සඳහා රජය විසින් ගෙවිය යුතු බවයි සිහිපත්කර සිටියේ.

කෙස් වෙතත් මේ සම්බන්ධයෙන් අප, විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී. අමිත් ජයසුන්දරගෙන් විමසා සිටියා.

එහිදී විභාග කොමසාරිස් ජනරාල්වරයා අප සමඟින් සඳහන් කළ සිටියේ ඇගයීම් කටයුතුවල නිරත ගුරුවරුන්ට ලැබිය යුතු අත්තිකාරම් මුදල් අද (26) දිනය තුළ ගෙවීම සඳහා සියලුම කටයුතු මේ වනවිටත් සම්පූර්ණ කර ඇති බවයි.

ඇගයීම් කටයුතුවල නිරත ගුරුවරුන්ට විසින් ඊයේ (25) දිනයේ යොමුකර තිබූ වවුචර් පත්වල පැවති ඇතැම් අඩුපාඩුකම් මෙම ප්‍රමාදයට හේතුවක් වූ බවද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කර සිටියා.

මේ අතර උත්තර පත්‍ර ඇගයීම් කටයුතු තාවකාලිකව නවතා දමන බවට තමන් වෙත කිසිදු ආකාරයකින් දැනුවත් කිරීමක් සිදු නොකළ බවත් විභාග කොමසාරිස් ජනරාල්වරයා අප සමඟ අදහස් දක්වමින් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
6
+1
1
+1
2
+1
3
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රට වටේ තිබුණු විවිධ ඡන්ද වලින් දැනට මාලිමාව ඉන්න තැන මෙන්න
09:52
Video thumbnail
මෙවර තමන්ට ඕනේ තැනකින් ඡන්දය දැමීමේ අවස්ථාව...#elections2024
02:38
Video thumbnail
මෛත්‍රී සහභාගී වූ විශේෂ මාධ්‍ය හමුව...#maithripalasirisena
05:11
Video thumbnail
දසත Mid Day 11.25 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - DASATHA NEWS 11.25 PM LIVE | 2024-07-27|Dasatha News
31:18
Video thumbnail
වික්‍රමබාහු කරුණානායට අවස්න ගෞරව දක්වන්න ආ ජනපති
00:43
Video thumbnail
"9වන විධායක ජනාධිපතිත් රනිල්" #ranilwickremesinghe
01:48
Video thumbnail
ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ගේ සතුට - "ලංකාවේ කෙල්ලො ටිකනම් සුපිරී"
02:43
Video thumbnail
රනිල් උන්මන්ත නායකයෙක්... "මෙයාලා බලය වෙනුවෙන් ඕනෑම දුෂ්ඨ ක්‍රියාවකට යනවා" #anurakumaradissanayake
08:48
Video thumbnail
වත්මන් T20 නායක චරිත් අසලංකගේ Planඑක මෙන්න... #cricket #t20cricket #charithasalanka
04:48
Video thumbnail
සැප්තැම්බර් 22 නියත ජනපති 'අනුර' #npp #akd #anurakumaradissanayake #elections2024
06:50

?