අද (26) දිනයේ සිට උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු තාවකාලිකව නවතා දැමූ බව ලංකා ගුරු සංගමය පවසනවා.
මාධ්‍ය හමුවක් පවත්වමින් එම සංගමය මේ බව සඳහන් කර සිටියා.
කොළඹ රාජකීය විද්‍යාලය, පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය ඇතුළු ඇගයීම් මධ්‍යස්ථාන රැසක මෙම තත්ත්වය උදා වී ඇති බවයි ලංකා ගුරු සංගමය පැවසුවේ.
ඇගයීම් කටයුතු සඳහා ගුරුවරුන්ට ගෙවිය යුතු රුපියල් 15,000 අත්තිකාරම් මුදල ලබානොදීම මීට ප්‍රධාන හේතුව වී ඇති බවයි ඔවුන් මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.
පසුගිය රාජකාරිවල අදාළ ගෙවිය යුතු මුදල් තවමත් සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් කර නොමැති බව සඳහන් එම සංගමය, රුපියල් බිලියන 2.5ක මුදලක් ගුරුවරුන් සඳහා රජය විසින් ගෙවිය යුතු බවයි සිහිපත්කර සිටියේ.
කෙස් වෙතත් මේ සම්බන්ධයෙන් අප, විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී. අමිත් ජයසුන්දරගෙන් විමසා සිටියා.
එහිදී විභාග කොමසාරිස් ජනරාල්වරයා අප සමඟින් සඳහන් කළ සිටියේ ඇගයීම් කටයුතුවල නිරත ගුරුවරුන්ට ලැබිය යුතු අත්තිකාරම් මුදල් අද (26) දිනය තුළ ගෙවීම සඳහා සියලුම කටයුතු මේ වනවිටත් සම්පූර්ණ කර ඇති බවයි.
ඇගයීම් කටයුතුවල නිරත ගුරුවරුන්ට විසින් ඊයේ (25) දිනයේ යොමුකර තිබූ වවුචර් පත්වල පැවති ඇතැම් අඩුපාඩුකම් මෙම ප්‍රමාදයට හේතුවක් වූ බවද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කර සිටියා.
මේ අතර උත්තර පත්‍ර ඇගයීම් කටයුතු තාවකාලිකව නවතා දමන බවට තමන් වෙත කිසිදු ආකාරයකින් දැනුවත් කිරීමක් සිදු නොකළ බවත් විභාග කොමසාරිස් ජනරාල්වරයා අප සමඟ අදහස් දක්වමින් පැවසුවා.














THOPI OKKOMA APE DARUWANG ANAGATHYA WINASA KALA AY KISIDAKA MONAMA AKARAYAKIN WATH HADAGANNA KOHOMATH BARI LESA. MEKATA JOSEPHSTALIN KIYANA MUSALAYA MAHINDA KIYALANA AWALAM BALLA SAHA UNWA NATAWAPU DESHAPALANA AWASTHAWADHEE MUSALAYO OOKOMATA WADINNA ONA AYE HITA GANNA BERI WENNAMA. APE DARUWO 2018 O/L KARALA 2019 A/L THERUNA. 2020 COVID, 2021 ISKOLA WAHLA, 2022 ARAGALAYA, ME OKKOGENMA ISKOLE YANNA BERIWA BETA KEWE APE UN. UN KOHOMA HARI 2023 JANAUARY EXAM LIYUW. THOPI UNGE PAPERS BALANNE NATHIWA THAWATH UNG WATINA KALAY KA DAMANAWA. SAPA ENAWA YAKO