උපාධිධාරීන්ට රස්සා නැති හේතුව නාමල් කියයි

රටේ ශ්‍රම බලකාය තාක්ෂණය මුසු වූ බහුවිධ කුසලතාවයෙන් සවිබල ගැන්විය යුතු යයි තරුණ හා ක්‍රීඩා, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය හා ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

විරැකියාව අවම කර රැකියා නියුක්තිය වැඩි කිරීම සඳහාත් ඒ හරහා රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහාත් තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ මිනිස්බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුව විසින් මෙහෙයවන ‘‘රටට බරක් නොවී  – ඔබට සරු හෙටක්‘‘ වෘත්තීය මාර්ගෝපදේශන සතිය අරඹමින් පසුගියදා මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවති ආරම්භක වැඩසටහනේ දී අමාත්‍යවරයා මේ බව පැවසීය.

රටේ සංවර්ධනය අරමුණු කරගනිමින් අතිගරු ජනාධිපතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ  ශ්‍රම බලකාය, කුසලතා, නිපුණතා හා තාක්ෂණික ඥාණයෙන් පිරිපුන් මිනිස් බලයක් ලෙස ශක්තිමත් කිරීමේ කර්තව්‍යය තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ මිනිස් බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුව මගින් ඉටු කරනු ලබයි.

රැකියා නියුක්තිය ඉහළ නැංවීම, සංවිධිත, පරිපූර්ණ ශ්‍රම වෙළඳපොළ තොරතුරු පද්ධතියක් ස්ථාපනය කිරීම, රැකියා අපේක්ෂිත තරුණ තරුණියන් බල ගැන්වීම හා රැකියාගත කිරීම, රැකියා අපේක්ෂිතයන් සහ සේවායෝජක ආයතන අතර සම්බන්ධීකරණය ගොඩනැඟීම, ගුණාත්මක හා සංවිධිත වෘත්තීය මාර්ගෝපදේශ සේවාවන් ලබාදීම හා ප්‍රචලිත කිරීම, දරුවන් තුළ වෘත්තීය මාර්ගෝපදේශයේ වැදගත්කම තහවුරු කිරීම යන අරමුණු පෙරදැරිව  රටේ සංවර්ධනය උදෙසා තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ මිනිස් බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වෙයි.

ඒ අනුව වෘත්තීය මාර්ගොපදේශයේ වැදගත්කම හඳුන්වා දීම ඉලක්ක කරගනිමින් ඔක්තෝබර් මස 04 සිට ඔක්තෝබර් මස 10 වනදා දක්වා ‘‘රටට බරක් නොවී – ඔබට සරු හෙටක්‘‘ යන මැයෙන් යුතුව ඉලක්කගත වෘත්තිය මාර්ගෝපදේශ සතිය ක්‍රීඩා අමාත්‍යාංශයේ මිනිස් බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරනු ලබයි.

මෙහි වෘත්තීය මාර්ගෝපදේශ සඳහා ඉලක්කගත කණ්ඩායම් වශයෙන් පාසල් සිසුන්, විශ්ව විද්‍යාල සිසුන්, රැකියා අපේක්ෂිතයින්, දෙමව්පියන්, ගුරුවරුන්, තරුණ ප්‍රජාව, ස්වංය රැකියාලාභීන්, ව්‍යවසායකයින්, රැකියා සපයන්නන්, වෘත්තිකයන්  ගැනේ.

එහිදී අමාත්‍යවරයා මෙසේ අදහස් දැක්වීය.

‘‘රටේ සංවර්ධනය අරමුණු කරගත්, වර්තමාන රජයේ, අතිගරු ජනාධිපතිතුමාගේ ජාතික ප්‍රතිපත්ති ප්‍රකාශය වන ‘‘සෞභාග්‍යයේ ඉදිරි දැක්ම‘‘ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ ශ්‍රම බලකාය කුසලතා, නිපුණතා හා තාක්ෂණික ඥාණයෙන් පිිරිපුන් මිනිස් බලයක් ලෙස සවිබල ගැන්වීම මූලික අපේක්ෂාව වී ඇති අතර, මානව සම්පත සංවර්ධනය කිරීමේ මෙකී ඉලක්කය රටේ සංවර්ධනයට බෙහෙවින් පිටුවහල් වන ඉතා වැදගත් ප්‍රවේශයකි.

මිනිස් බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව වර්තමාන රජයේ, තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ මානව සම්පත සංවර්ධනය සඳහා ශ්‍රම බලකාය තාක්ෂණය මුසු වූ බහුවිධ කුසලතාවයෙන් සවිබල ගන්වමින් විරැකියාව අවම කර රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කරමින් ඒ සඳහා සක්‍රීය ප්‍රයත්නයක නිතරවෙමින් සිටියි.

රැකියා නිර්මාණය හා ප්‍රවර්ධන කටයුතු සහ වෘත්තීය මාර්ගෝපදේශ ලබාදීම මෙහි ප්‍රමුඛ කාර්යයක් වන අතර, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්තව සිටින දෙපාර්තමේන්තුවේ නිලධාරින් හරහා මෙම විෂය පථයට අදාළ ව සුවිශේෂී කාර්යභාරයක් දීපව්‍යාප්ත ව දැනටමත් සිදු කරනු ලබයි.

ශ්‍රී ලංකාවේ බහුතරයක් උපාධිධාරීන්ට සුදුසු රැකියා සොයාගැනීමේ ගැටලුව උද්ගත වී ඇත්තේ නිවැරදි වෘත්තීය මාර්ගෝපදේශයක් නොලැබීම හේතුවෙනි. තමන් කුමන රැකියාවක් කළ යුතු ද, කුමන පාඨමාලාවක් හැදෑරිය යුතු ද යන දර්ශනය ගොඩනඟාගැනීමට වෘත්තීය මාර්ගෝපදේශනය ඇවැසි ය.

එපමණක් නොව දෙමව්පියන්, ගුරුවරුන්, විශ්ව විද්‍යාල සිසුන්, දැනුම්වත් කිරීම මෙන්ම ව්‍යවසායකත්වය හා ස්වයං රැකියා අවස්ථා සඳහා පෙළඹවීම ද අදාළ පාර්ශ්වකරුවන් දැනුම්වත් කිරීම ද මීට අනුශාංගික වූ කාර්යයන් වෙයි.  එම ප්‍රවේශයේ දී කාර්යක්ෂ ම හා සඵලදායී ව්‍යවසායකයන් ප්‍රවර්ධනය කිරීමේ අභිමථාර්ථය පෙරදැරි ව කටයුතු කිරීම මෙකී වැඩසටහන් සඳහා සිදු කරනු ලබයි.

දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, අනුබද්ධ රාජ්‍ය ආයතන හා පෞද්ගලික අංශ ආදී සියලුම ආයතන මගින් අවශ්‍ය දායකත්වය හා සහයෝගය ලබාගනිමින් ඒකාබද්ධ ප්‍රවේශයකින් යුතුව ආර්ථික, සමාජමය හා සංස්කෘතිකමය වශයෙන් තාත්වික හා ප්‍රායෝගික ලෙස අරමුණු සාක්ෂාත් කරගැනීමේ අපේක්ෂාවෙන් යුතුව වෘත්තීය මාර්ගෝපදේශය පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීම මෙහි අරමුණයි. ‘‘

වෘත්තීය මාර්ගෝපදේශලාභීන් වෙනුවෙන් පැවැත්වෙන  ‘‘රටට බරක් නොවී – ඔබට සරු හෙටක්‘‘ වෘත්තීය මාර්ගෝපදේශ වැඩසටහන් මාලාව මාර්ගගත ක්‍රමය ඔස්සේ දිවයිනේ දිස්ත්‍රික්ක 25 පුරාම ක්‍රියාත්මක වේ.

මේ සම්බන්ධව වැඩිදුර තොරතුරු ඔබේ ළඟම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් හෝ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් ලබාගත හැක.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල මහත්මිය, තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් අනුරාධ විජේකෝන්, අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් දීපා ලියනගේ, කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න, මිනිස් බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂා ගෝකුල ප්‍රනාන්දු යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

– මාධ්‍ය ඒකකය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩි මිලට ඉන්ධන ගැනීම ගැන සජිත්ගෙන් සැර කතාවක් - රටේ සංචිතවලට අගතිගාමී බලපෑමක් වෙලා
19:49
Video thumbnail
FIFA 2026 තව තවත් උණුසුම් වෙයි - ප්‍රබල ජර්මනියට සහ අමෙරිකාව අන්ත අසරණ වෙයි
02:06
Video thumbnail
ගර්භණී කාලයේ මවකට හෙරෝයින් නිරාවරණය වුණොත් වෙන දේ මෙන්න - උපතින් හෙරෝයින්වලට ඇබ්බැහිවෙලා උපදින්නේ
02:18
Video thumbnail
දෙමව්පියෝ දරුවන්ගේ වැරදි වහනවා..වැරැද්ද පෙන්නුවනම් බන්ධනාගාරයේ මෙච්චර නෑ
03:56
Video thumbnail
බන්ධනාගාරයේ ඇත්තටම සිදුවෙන දේ මෙන්න..ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එළියට - මිනිස්සුන්ව යුද්දයට යැව්වා
09:11
Video thumbnail
ලියනගේමුල්ලේ සිදුවූ බිහුසුණු අනතුර - ත්‍රීවිල් රථ රියදුරුට බරපතළ තුවාල - සංවේදි අය නැරඹීමෙන් වළකින්න
02:16
Video thumbnail
Kasthirama | "මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය" පැවැත්වෙන විශේෂ කස්තිරම වැඩසටහන
01:14:00
Video thumbnail
මත්ද්‍රව්‍යට ඇබ්බැහි වුණ කෙනා ලි#ගිකව එක්වීමේ කැමැත්තක් නෑ - මනුස්සයාගේ සතුටේ සීමාවන් කොටු කරගන්නවා
04:19
Video thumbnail
ළමා මනසට මත්ද්‍රව්‍ය රකුසා ඇතුළු වෙන හැටි කිව්ව නි.පොලිස්පති - ආදරය පිරෙව්වනම් ඇතුළු වෙන්නේ නෑ
03:53
Video thumbnail
දොඩම්ගොඩදී වාහන 5ක් ගැටී බිහිසුණු අනතුරක් - මෙන්න දැන් ලැබුණු දර්ශන
00:44