දිට්වා සුළි කුණාටුවෙන් පසු අද (02) දිනයේ යළිත් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය ආරම්භ කිරීමට නියමිත බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
ඒ, අනුව කොළඹ කොටුවේ සිට පේරාදෙණිය සහ ගම්පොල දක්වා අද (02) දිනයේ සිට යළි දුම්රිය ධාවන කිරීම ආරම්භ වනවා.
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ රඹුක්කන සහ ගම්පොල අතර ස්ථාන 103කට දැඩි හානි සිදුව තිබූ අතර, ඊට විශාල ප්‍රමාණයේ නායයාම් 36ක් මෙන්ම පස්කඳු කඩාවැටීම් සහ මාර්ග සේදීයාම් 67ක් ඇතුළත් වුණා.
එම බාධාවන් ඉවත් කර මාර්ගය යළි පිළිසකර කිරීමෙන් අනතුරුව දින 309කට පසු අද (02) දිනයේ කොළඹ කොටුවේ සිට පේරාදෙණිය සහ ගම්පොල දක්වා දුම්රිය ගමන් ආරම්භ වනවා.










