නෝර්වුඩ් පොලිස් වසමට අයත් අයර්බි වතුයායෙ තේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද 11 දින එල්ල වූ බඹර ප්රහාරයකින් කම්කරුවන් 12 දෙනෙක් තුවාල ලබා දික්ඔය මූලික රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.
ඔවුන් පිරිස තේ දළු නෙළමින් සිටි වත්තෙහි ගසක් මුදුනේ බැද තිබූ බඹර කූඩුවක වදයක් කඩා ගැනීම සදහා උකුස්සෙක් කළ පහර දීම නිසා ඇවිස්සුනු බඹරුන් තේ වත්තේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන්ට පහර දී ඇති බවයි වාර්තා වන්නේ.
රෝහල් ගත කල තුවාලකරුවන් 08 දෙනෙක් බාහිර රෝගී අංශයෙන් ප්රතිකාර ලබා පිටව ගිය බවත්, තවත් තිදෙනෙක් නේවාසිකව ප්රතිකාර ලබන බවත් රෝහලේ ආරංචි මාර්ග සඳහන් කළේ.













