මුතුරාජවෙල ඉන්ධන ගබඩා ටැංකි ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට අනුමැතිය

මුතුරාජවෙල පර්යන්තයේ නව ඉන්ධන ගබඩා ටැංකි 03ක් ඉදිකිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව ඇමරිකානු ඩොලර් මිලියන 3.04ක් සහ ශ්‍රී ලංකා රුපියල් මිලියන 2,796.14ක මුදලකට පිරිනැමීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ අරමුදල් යොදා ගනිමින් ඝන මීටර් 15,000 බැගින් වූ ඉන්ධන ගබඩා ටැංකි 02ක් සහ ඝන මීටර් 10,000ක ධාරිතාවකින් යුත් තවත් ඉන්ධන ගබඩා ටැංකියක් ඉදිකිරීම සඳහා 2025 ජුනි 02 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී තිබුණා.

ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී පාරිසරික, නෛතික සහ අනෙකුත් අවශ්‍යතා සපුරාලීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රමවේද පිළිබඳව අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා කර සුදුසු තීරණ ගැනීමට බලශක්ති හා පරිසර අමාත්‍යවරුන් වෙත උපදෙස් ලබාදීමට 2026 ජූලි 20 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබෙනවා.

ඒ අනුව මධ්‍යම පරිසර අධිකාරිය විසින් නියම කර ඇති නිර්දේශ සහ කොන්දේසි අදාළ ප්‍රසම්පාදන කොන්ත්‍රාත් ගිවිසුමට ඇතුළත් කර ඇති බවත්, වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥාපනතේ විධිවිධානවලට අනුකූලව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරුන් විසින් අමාත්‍ය මණ්ඩලය දැනුවත් කර තිබෙනවා.

ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය යටතේ ඉදිරිපත් වූ ලංසු අතරින්, ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කර ඇති සාරානුකූලව ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන M/s Indo-East Engineering & Construction (Lanka) (Private) Limited සහ Ceylex Engineering (Private) Limited Joint Venture වෙත මෙම කොන්ත්‍රාත්තුව පිරිනැමීමටයි බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත්තේ.

කොන්ත්‍රාත්තුවේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 3.04ක් සහ ශ්‍රී ලංකා රුපියල් මිලියන 2,796.14ක් වන අතර, එම මුදල් එකතු කළ අගය මත බද්දෙන් තොර වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය විදුලිබල පද්ධතියට එක් කරයි
01:18
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා කියූ දේ
01:00
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට ආ ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි
01:16
Video thumbnail
මේ යන්නේ හිට්ලර් පාලනයක් හදන්න - ජනතාව පැලවත්තේ සිරකරුවන් කරගන්න රජය උත්සාහ කරනවා
14:43
Video thumbnail
මාතර දිස්ත්‍රික්කයේ දරුවන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක් - ධීවර හා සංචාරක ප්‍රදේශවල බහුලයි
01:16
Video thumbnail
සීට් බෙල්ට් තියෙන වාහන පමණයි අදින් පසු අධිවේගී මාර්ගවල ගමන් කරන්න පුළුවන්
02:45
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා වැටෙමින් ඉල්ලපු දේ - "පුතාගේ අතින් වුණ වරදට සමාව දෙන්න"
01:19
Video thumbnail
දිලිත් තරුණයින් එක්ක බොක්කෙන්ම කිව්ව දේ - හා..හා..ඩෝබි Commentsවලට කළබල වෙන්න එපා
12:33