දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට කොළඹ දෙසට දිවෙන මංතීරුවේ වාහන තුනක් එකට ගැටී අද (11) පෙරවරුවේ අනතුරක් සිදු වුණා.
කොක්මාදූව හා ඉමදූව අතර කොටසේ 115 වැනි කණුව ප්‍රදේශයේ මෙම අනතුර සිදු වූ අතර, මෙහිදී එක් වාහනයක් පෙරළීමට ලක්ව තිබෙනවා.
මෙම අනතුරින් පුද්ගලයින් දෙදෙනෙක් තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ.













