බකමූණේ අනතුරකින් මව සහ පුතාට දිවි අහිමිවෙයි

දඹුල්ල සිට බකමූණ හරහා පොළොන්නරුව මාර්ගයේ බකමූණ, දමන ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් සහ තවත් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.

මෙම අනතුරින් තුවාල ලැබූ දරුවෙක් රෝහල් ගතකර ඇති බවයි වාර්තා වුණේ.

කොළඹ සිට කල්මුණේ බලා ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී මගී ප්‍රවාහන බස් රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් අද (11) අලුයම මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුරින් යතුරුපැදිකරු සහ පසුපස ගමන්ගත් කාන්තාවක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඔවුන් දෙදෙනා මව සහ පුතා බවයි වාර්තා වුණේ.

අනතුරින් යතුරුපැදියේ ගමන් ගත් 09 හැවිරිදි පිරිමි දරුවෙක් පොළොන්නරුව රෝහලට අතුළත් කර තිබෙනවා.

බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු හිගුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.08
01:15:31
Video thumbnail
ඇයි අපි නාමල්ට ශක්තියක් වෙන්නේ ?එහෙම කියන්න පුළුවන්ද අපි කතා කරන ඒවා
02:33
Video thumbnail
වීරයෝ තැනීම ගැන රාජිත කියයි - සියලු බලවේග එකතු කිරීම ගැන කතා කළා
02:50
Video thumbnail
හිරගෙවල්වල දාලා නාමල්ගේ නැගිටීම නවත්තන්න බෑ - පොහොට්ටුවට හැමදාම මහින්ද ආශිර්වාද කළා
03:50
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධ රැස්වීම්වලට ජනතාව ගිහින් එකතු වෙන්න..නිදහස් සෞඛ්‍යයට තමයි අත තියන්න යන්නේ
05:49
Video thumbnail
මාධ්‍ය මග හැර ගිය චාමර - "මල්ලි මගෙන් වොයිස් කට් ගන්න එපා...මම අලුත් කෙනෙක්"
00:43
Video thumbnail
අතුරුගිරිය රත්කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:44
Video thumbnail
අතුරුගිරිය වෙ#ල්ලේ CCTV දර්ශන එළියට - පන්නගෙන ගිහින් තියන්නේ
00:48
Video thumbnail
අස්වැසුම කෝටි 2කට අධික මුදලක් වංචා කළ ගුරුවරු 6ක් සේවයෙන් පහ කරයි
00:31
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා මහ පාරේ රේස් යන ඩ්‍රයිවර්ලා
01:10