ඊශ්‍රායල ප්‍රහාරවලින් ලෙබනනයේ 2,000 කට වැඩි පිරිසක් මිය ගිහින් – හිස්බුල්ලා බුද්ධි අංශ මූලස්ථානයටත් ප්‍රහාරයක්

ඊශ්‍රායල ප්‍රහාරවලින් මේ වන විට පුද්ගලයින් 2,000 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව ලෙබනනයේ සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා.

බේරූට් හි දකුණු තදාසන්න ප්‍රදේශවල ඊශ්‍රායල ප්‍රහාර ඊයේ රාත්‍රියේ දී පැවතුන අතර, මෙම ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයන් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

වාඩිලාගෙන සිටින බටහිර ඉවුරේ සරණාගත කඳවුරට ඊයේ (04) ඊශ්‍රායල ජෙට් ප්‍රහාරක කිහිපයක් එල්ල වී ඇති අතර, එහිදී මියගිය අය අතර තුල්කරේම් හි තම අණදෙන නිලධාරියා සිටින බව හමාස් සංවිධානය සඳහන් කළේ.

මේ අතර ලෙබනනයේ බේරූට්හි හිස්බුල්ලා බුද්ධි අංශ මූලස්ථානය ඉලක්ක කරමින් ඊශ්‍රායලය ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

හිටපු හිස්බුල්ලා නායක හසන් නසරල්ලාගේ අනුප්‍රාප්තිකයා වන හෂීම් සෆිද්දීන් මෙම ප්‍රහාරයේ ඉලක්කයක් වී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ප්‍රහාරයෙන් පසු ඔහු පිළිබද ඊශ්‍රායලය හෝ හිස්බුල්ලා සංවිධානය කිසිදු ප්‍රතිචාරයක් මේ දක්වා සිදුකර නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ පාර ආණ්ඩුවෙන් අවුරුදු නැකත් සීට්ටු නැද්ද..?
11:43
Video thumbnail
"කළු බ්ලවුස් එකක් දැක්ක ගමන් උඹලා ඇඹලයෝ වෙනවා" වීරකැටිය ප්‍රා. සභාවේ දැඩි උණුසුම් තත්ත්වයක්..
02:19
Video thumbnail
ඉන්ධන මිල සූත්‍රය නිසා කුපිත වුණ බස් සංගම්..කොමිසම් සභාවට අපි සතියයි කල් දෙන්නේ
03:47
Video thumbnail
තෙල් පෝලිම් නිසයි තෙල් මිල වැඩි කළේ
14:48
Video thumbnail
රොබෝ අලි තමයි ඉස්සරහට පෙරහැරවල දී දකින්න වෙන්නේ
02:49
Video thumbnail
ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ රටට ලැබෙන්නේ අවමානයක්..ආණ්ඩුවට කිසිම විදේශ ප්‍රතිපත්තියක් නෑ l G.L.Peiris
02:38
Video thumbnail
හිරේ යන්න ලෑස්ති වෙන්න ජයකොඩි - මේක අතහරින්නේ නෑ
08:13
Video thumbnail
යළි ජීවය ලැබූ නැඳුන්ගමුවේ රාජා
01:35
Video thumbnail
ඩී.වී. චානකගෙන් රන්ජන්ට සැර හින්ට් එකක්..PUCSL එක තව දුරටත් ස්වාධීන නෑ
05:37
Video thumbnail
Mineral, RO බෝතල් කළ ජලය දැන් කාටවත් හොයාගන්න බෑ..
01:15