ඊයේ ලිට්රො නගිද්දී අද ලාෆ් ගෑස් මිලත් අහස උසට

ලාෆ් ගෑස් සමාගම ද ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල ගණන් ඉහළ දමා තිබේ.

ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 984කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 2,840ක් වේ.

එමෙන්ම කිලෝ ග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක් 393කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 1,136කි.

ඊයේ (10) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෑස් මිල ගණන් ඉහළ දැමීමට තීරණය කළ බව ලිට්‍රෝ සහ ලාෆ් සමාගම් ප්‍රකාශ කළේය.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,257කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 2,750ක් ලෙසය. 

එමෙන්ම කිලෝග්‍රෑම් 5ක් වු ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 503කින්ද, කිලෝග්‍රෑම් 2.5ක් වු ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 231කින්ද ඉහළ නැංවීමට එම සමාගම තීරණය කර තිබේ.

ඒ අනුව, කිලෝග්‍රෑම් 5 ගෑස්  සිලින්ඩරයක් රුපියල් 1,101ක් වන අතර, කිලෝග්‍රෑම් 2.5 ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 520ක් බව ලිට්‍රෝ සමාගම සඳහන් කළේය.

මේ අතර තිරිඟු පිටි මිල ඉහළ දැමී‍ම සම්බන්ධයෙන්ද අද (11) අවසන් තීරණයක් ගැනීමට නියමිතව තිබේ.

කිරිපිටි, තිරිඟුපිටි, ගෑස් සහ සිමෙන්ති යන අත්‍යාවශ්‍ය භාණ්ඩ  සඳහා පැවැති පාලන මිල පසුගියදා රජය විසින් ඉවත් කරනු ලැබීය.

ඒත් සමඟ නිෂ්පාදන පිරිවැයට සාපෙක්ෂව නව මිල ගණන් ප්‍රකාශයට පත් කිරීමට අදාළ සමාගම් කටයුතු කර තිබුණි.

කෙසේවුවද අප කළ විමසීමක දී පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ප්‍රකාශ කළේ, අසාධාරණ ලෙස මිල ගණන් ඉහළ දැමුවහොත් භාණ්ඩ සඳහා යළි පාලන මිල ගණන් පැනවීමට පියවර ගන්නා බවය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජොන්ස්ටන් එළියට ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ - "ආණ්ඩුවේ එකම නිව්ස් එක රිමාන්ඩ් කිරීම"
03:27
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක් - "බුදු සරණයි ගම්බාර අප්පච්චිට බාරයි"
01:13
Video thumbnail
ගලබොඩ අත්තේ හිමි නිදහස් කර ගන්න පෙත්සම් ගහද්දි මනුස්සයෙක් යකා නටයි - "ඥාණසාර හිමි හිරේ යන්න ඕනි"
02:42
Video thumbnail
ඔයාගේ ගායනයට තහංචි දාන්න බෑ - මල්ලි ඔයත් එන්තර වාසියක් යවන්න..ගායනයට තහංචි දාන්න බෑ
06:06
Video thumbnail
මගේ සිංදු ඕනි කෙනෙක් කියන්න..යද්දි පෙට්ටිය කොනේ තියන් යන්නේ නෑ මම
05:44
Video thumbnail
නාමල් රාජපක්ෂ ඇපමත මුදා හරියි - විදෙස් ගමන් තහනම් කරයි
00:43
Video thumbnail
රනිල්ගේ නඩුව කල්‍ යයි..බිරිඳ එක්ක රනිල් පිටව ගිය හැටි - "ජනතාවගේ ජීවිත බේරගත්ත අලියා"
01:50
Video thumbnail
නාමල් සහ රනිල් වෙනුවෙන් අධිකරණයට ආ පාක්ෂිකයෝ - චානක, ජොන්ස්ටන් ඇතුළු සෙට් එකක්
01:38
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද නාමල් රාජපක්ෂ කොටුව අධිකරණයට - කට්ටියට අතත් වනාගෙන යන්නේ
00:50
Video thumbnail
රනිල් වික්‍රමසිංහ සෙනඟ එක්ක කොටුව අධිකරණයට එයි - "අපේ නායකතුමාට ජයවේවා..!"
01:59