ඉරානයේ ප්‍රබල භූ කම්පනයක්

ඉරානයේ වයඹ දිග තුර්කි දේශසීමාව ආසන්නයේ රික්ටර් මාපක 5.9ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම භූ කම්පනයෙන් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි ඉරාන මාධ්‍ය වාර්තා කරන්නේ.

ඛෝයි නගරයේ පමණක් මේ වන විට තුවාල ලැබූ සංඛ්‍යාව 122ක්.

ඉරාන සහන සේවා නිලධාරීන් පැවසුවේ බටහිර අසර්බයිජාන් ප්‍රදේශයට ගලවා ගැනීමේ කණ්ඩායම් යොමු කර ඇති අතර රෝහල් සුදානමින් තබා ඇති බවයි.

භූ කම්පනයෙන් බලපෑමට ලක් වූ ඇතැම් ප්‍රදේශවල හිම පතනය වන අතර, විදුලි බිඳ වැටීම් ද වාර්තා වී තිබෙනවා.

දැනට වාර්තාවී ඇති තොරතුරුවලට අනුව භූ කම්පනය හමුවේ 300 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන්නේ.

මෑත වසරවලදී ඉරානයේ ප්‍රබල භූමිකම්පා කිහිපයක් සිදු වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
2
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?