ඉන්ධන මිල වෙනස් වෙයි

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 15කින් අඩු කර තිබෙන අතර එහි නව මිල රුපියල් 318 ක්.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් මිළ ඉහල දැමීමටයි සංස්ථාව පියවර ගෙන ඇත්තේ. ඒ අනුව 95 ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 385ක් වනවා.

ලංකා සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 10කින් මිල ඉහල දමා ඇති අතර එහි නව මිල රුපියල් 340 ක්.

ලංකා භූමිතෙල් ලීටරයක් රුපියල් 50කින් අඩු කර ඇති අතර නව මිල රුපියල් 245ක්.

කාර්මික භූමිතෙල් ලීටරයක් රුපියල් 60කින් අඩු කරනු ලැබුවා. ඒ අනුව ලංකා කාර්මික භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 270 ක් වනු ඇති.

මේ අතර ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ද අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි තම ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සිදු කළ මිල ගණන් සංශෝධනයට සමගාමීවයි.

ඉන්ධන මිල


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සූර්ය බලශක්ති ව්‍යාපෘතිවලට දාලා තියෙන තහංචි අයින් කරන්න - සජිත් රජයෙන් කළ ඉල්ලීම
01:46
Video thumbnail
ජලභීතිකා නව පනත තුළින් සිදුවන ගැටලු ගැන සජිත් හෙළිකරයි - තවත් සංශෝධනය කරන්න එපා
05:50
Video thumbnail
රුමේෂ්ගේ ජයග්‍රහණය ගෙදර අය කෑගහලා සමරපු හැටි - සතුටට කට්ටිය රතිඤ්ඤත් දායි
01:36
Video thumbnail
ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ රන් පදක්කම රුමේෂ්ට - මහ වැස්සේ අපේ කොල්ලා ගැහුව ගේම
00:52
Video thumbnail
අවසරලත් පීටිකාවෙන් පිට මත්පැන් තබා සාදයක් පැවැත්වූ කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:28
Video thumbnail
මත්පෙති ජාවාරමට එරෙහිව ගමක් පාරට බහී
01:37
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ
01:50
Video thumbnail
අලුතින් හදපු කොන්ක්‍රීට් පාරට මාස 6ක් යන්න කළින් වුණ දේ..
02:21
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:07
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ
00:54