spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉන්ධන කෝටාව ගැන රජයෙන් තීරණයක්

උත්සව සමය වෙනුවෙන් වැඩිකළ ඉන්ධන කෝටාව අද (18) දිනයේ සිට අලුත්වන මීළඟ සතියේදීත් එලෙසම ලබාදීමට රජය තීරණය කර ඇති බව වාර්තා වනවා.

උත්සව සාමය වෙනුවෙන් ත්‍රිරෝද රථ සඳහා තිබූ ලීටර් 05ක කෝටාව ලීටර් 08ක් දක්වාත් යතුරුපැදි සඳහා තිබූ ලීටර් 04ක ඉන්ධන කෝටාව ලීටර් 07ක් දක්වාත් ඉහළ නැංවීමට පසුගිය දා රජය කටයුතු කළා.

මීට අමතරව බස් රථ සඳහා තිබූ ඉන්ධන කෝටාව ලීටර් 40 සිට ලීටර් 60ක් දක්වාත් ඉහළ දැමූ අතර, මෝටර් රථ සඳහා ලීටර් 20කව පැවති ඉන්ධන කෝටාව ලීටර් 30 දක්වාත් ඉහළ දැමුණා.

එමෙන්ම ලොරිරථ සඳහා ලබා දුන් ඉන්ධන කෝටාව ලීටර් 50 සිට ලීටර් 75 දක්වාත්, වෑන්රථ සඳහා ලබාදුන් ඉන්ධන කෝටාව ලීටර් 20 සිට ලීටර් 30ක් දක්වා ඉහළ දැමීමට කටයුතු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?