ඉන්දු – ශ්‍රී ලංකා නාවික යුධ අභ්‍යාසය ආරම්භ වෙයි(ඡායාරූප)

ඉන්දු – ශ්‍රී ලංකා නාවික යුධ අභ්‍යාස මාලාවේ දසවැනි අදියර ඊයේ ආරම්භ වුණා.

ලබන 08 වැනිදා දක්වා සිදුකෙරෙන මෙම යුධ අභ්‍යාසය පැවැත්වෙන්නේ කොළඹ වරයා හා ඒ ආසන්න මුහුදු තිරයේ.

ඉන්දීය නාවික හමුදාවට අයත් නෞකා දෙකක් අභ්‍යාසය සදහා ඊයේ කොළඹ වරායට සේන්දු වුනා.

මෙලෙස කොළඹ වරායට සේන්දු වූ Corvette වර්ගයේ INS Kiltan නැමැති යුද නෞකාවේ අණදෙන නිලධාරී Commander Arjit Pande හා Offshore Patrol Vessel වර්ගයේ INS Savitri නැමැති යුද නෞකාවේ අණදෙන නිලධාරී Commander Vikas Phogat සහ බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා අතර නිල හමුවක් ඊයේ (03) බටහිර නාවික විධාන මුලස්ථානයේ දී පැවති අතර, එහිදී සමරු තිළිණ හුවමාරුවක්ද සිදුකෙරිණි.

වාර්ෂිකව පැවැත්වෙන SLINEX -23 ද්වීපාර්ශ්වීය නාවික අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් මෙවර ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර සහ විජයබාහු යන ගැඹුරු මුහුදු ආවේක්‍ෂණ නෞකාවන්ද, ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරමින් ඩෝනියර් වර්ගයේ සමුද්‍රීය ආවේක්‍ෂණ ගුවන් යානාවක් සහ බෙල් 412 හෙලිකොප්ටර් යානාවක් එක්වන අතර, ඉන්දීය නාවික හමුදාව නියෝජනය කරමින් INS Kiltan හා INS Savitri යන යුද නෞකාවන් සමඟ ඩෝනියර් වර්ගයේ සමුද්‍රීය ආවේක්‍ෂණ ගුවන් යානාවක් සහ කීටැක් වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් එක්වේ.

ඒ අනුව, මෙම අභ්‍යාසයේ වරාය අධියර 2023 අප්‍රේල් මස 03 වන දින සිට 05 වන දින දක්වා කොළඹ වරාය පරිශ්‍රයේදීත් එහි මුහුදු අධියර අප්‍රේල් මස 06 වන දින සිට 08 වන දින දක්වා බටහිර නාවික විධාන මුහුදු තීරයේදී පැවැත්වීමට නියමිතව ඇත. මෙහි මුහුදු අධියරේදී වෙඩි තැබීමේ අභ්‍යාස (GUNEX), සෙවීම් හා මුදවා ගැනීම් අභ්‍යාස (SAREX), Screen Exercise (SCREENEX), නෞකා අතර මුහුදේදී භාණ්ඩ හුවමාරුව සඳහා සූදානම් වීම (Replenishment at Sea – RAS Approaches), මුහුදේදී නෞකා වෙත ඉන්ධන ලබා දීම සඳහා නෞකා සූදානම් කිරීම (Abeam Fuelling Approaches), නෞකා යාත්‍රා කරමින් තිබියදී එම නෞකා පරික්‍ෂා කිරීම සඳහා සිදු කරනු ලබන නෞකා හා යාත්‍රා වෙත ප්‍රවිශ්ඨ වීම සෝදිසි කිරීම හා අත්අඩංගුවට ගැනීමේ අභ්‍යාස (Visit Board Search & Seizure – VBSS), නෞකා සංග්‍රාමික පෙළ හැඩ ගුවනේ සිට ඡායාරූප ගැනීම (PHOTOEX), ගුවනින් නෞකා වෙත සැපයුම් ලබාදීම (VERTREP) සහ ගුවන් යානා යොදා ගනිමින් සෙවීම් සහ මුදවා ගැනීම් අභ්‍යාස මෙන්ම නෞකා හා යාත්‍රා ගුවනින් සෝදිසි කිරීමේ අභ්‍යාස සිදුකිරීමට ද නියමිතව ඇත.

එමෙන්ම, මෙම අභ්‍යාසයට සමගාමීව ‍දෙරටේ නාවික හමුදාවන් අතර සුහදත්වය වර්ධනය කිරීම වෙනුවෙන් නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන සංස්කෘතික හුවමාරු වැඩසටහන්, සුහද ක්‍රීඩා තරඟ, යෝගා අභ්‍යාස සඳහා දෙරටේ නැව් මුළුවන් සහභාගී වීමට නියමිතව ඇති අතර, ඉන්දීය නෞකාවන්ට අයත් නැව් මුළුවන් දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමටද නියමිතව ඇත.

1 2
2 3
4 1
5 1
7 1
9 1
10
16 1
17 1
19
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෝ ඔයාලගේ උද්ඝෝෂණයට කවුරුත් නෑනේ ? - ආපු අය Missing..ශම්මි GO HOME විරෝධතාවයට අද ආවේ 4 ක්
12:16
Video thumbnail
ඉරාන නෞකාවේ යැයි සැක කරන කොටස්, තෙල් පැල්ලම් සීනිගම වෙරළේ දක්නට ලැබෙයි..මාළුත් මැ#ලා
01:33
Video thumbnail
විජේවීරගෙන් ප්‍රභාගෙන් කෞතුකාගාර කොළඹම හදන්න..මිහින්තලේ හිමි සැර වෙයි
03:42
Video thumbnail
ප්‍රසිද්ධ ව්‍යාපාර ස්ථානයකට ෆුල් සුද්දයක් දුන් සොරදෙටුවා
00:44
Video thumbnail
පුංචි දරුවයි,රියදුරුයි බරපතළ කළ බිහිසුණු අනතුර
00:30
Video thumbnail
වාහන තුනක් එකිනෙක ගැ#මෙන් බුත්තල දී සිදුවූ බිහිසුණු අනතුර..සි#ව සිටි අයෙක් බේරගන්න දැරූ වෑයම
01:40
Video thumbnail
දොළොස් හැවිරිදි දැරියකට කැත වැඩක් කර එළොව යැවූ විත්තිකරුවකුට ම#ණ දඬුවම
00:57
Video thumbnail
ඉරාන දෙවෙනි නෞකාවේ සිටි පිරිස මුදා ගැනීමේ මෙහෙයුම..මෙන්න නවතම දර්ශන පෙළක්
03:08
Video thumbnail
Kasthirama | "රටම එකට ජාතික මෙහෙයුමේ ප්‍රගතිය" තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:21:25
Video thumbnail
දවස් ගානක් මහ පාන්දරම ඇවිත් ප්‍රසිද්ධ ව්‍යාපාර ස්ථානයකට සොරදෙටුවා දෙන ෆුල් සුද්දය
01:10