ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මුහුදු පතුලේ පූජාවක

ගුජරාඨ ප්‍රාන්තයට ඔබ්බෙන් අරාබි මුහුදේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කිමිඳී, ක්‍රිෂ්ණා දෙවියන් වෙනුවෙන් විශේෂ පූජාවක් පවත්වා තිබෙනවා

ආරක්ෂක අංශ සාමාජිකයන් සහ කිමිඳුම්කරුවන් කණ්ඩායමක් ද සමඟ ඔක්සිජන් ටැංකි ආධාරයෙන්, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ද්වාරකා පූජණීය නගරයේ යැයි විශ්වාස කෙරෙන නටබුවන් ඇති මුහුදු පතුළට කිමිඳී ක්‍රිෂ්ණා දෙවියන් වෙනුවෙන් පූජාව පැවැත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ක්‍රිෂ්ණා දෙවියන්ගේ පූජණීය නගරය ලෙස සැලකෙන්නේ ද්වාරකාය මෙම පුරාණ පූජණීය නගරය මුහුදේ ගිලී ගිය බව හින්දු විශ්වාසයයි.

ද්වාරකා පූජණීය නගරයේ යැයි විශ්වාස කෙරෙන නටබුවන් යැයි විශ්වාස කෙරෙන නටබුන්, ද්වාරකා වෙරළ තීරයට ඔබ්බෙන් පුරා විද්‍යාඥයන්ට හමු වී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !