ඉන්දියාවේ සිට මෙරටට රැගෙන ආ කරන්දෙණියේ රාජුගේ නිවසින් ගිනි අවියක් හමුවෙයි

ඉන්දියාවේ දී අත්අඩංගුවට පත්ව පසුගිය දා මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙක්වන කරන්දෙණියේ සුද්දාගේ සහෝදරයා වන සෝබනාහන්දි සනත් ද සිල්වා නොහොත් ‘කරන්දෙණියේ රාජු’ නැමැත්තාගේ නිවසේ තිබී විදේශීය නිෂ්පාදිත ගිනි අවියක් සහ ජීව උණ්ඩ 13ක් සොයාගෙන තිබෙනවා.

මේ වනවිට රඳවාගෙන සිටින කරන්දෙණියේ රාජුගෙන් කරන ප්‍රශ්න කිරීම්වල දීයි මෙම ගිනි අවිය පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇත්තේ.

මධ්‍යම අපරාධ විමර්ශන ඒකකයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාර කමල් ආරියවංශ ඇතුළු නිලධාරි කණ්ඩායමක් මීටියාගොඩ පොලිසිය සමඟ එක්ව සිදුකළ මෙහෙයුමක දී මෙම මිලි මීටර් 09 වර්ගයේ ගිනි අවිය සහ ජීව උණ්ඩ සොයාගෙන තිබෙනවා.

මෙහිදී මේ වනවිට රඳවාගෙන සිටින කරන්දෙණියේ රාජු ද මීටියාගොඩ පොලිස් ස්ථානය වෙත රැගෙන විත් තිබූ බවයි දසත නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

ඝාතන ඇතුළු අපරාධ සිද්ධි 15කට අධික සංඛ්‍යාවකට පොලීසියට අවශ්‍යව සිටින රාජු, ඉන්දියාවේදී එරට ආරක්ෂක අංශ පසුගියදා අත්අඩංගුවට ගෙන තිබූ අතර, අනතුරුව ඉන්දියාවට ගිය මෙරට පොලිස් නිලධරීන් කණ්ඩායමක් ඔහුව පසුගිය 17 වනදා නවදිල්ලි නුවර සිට මෙරටට රැගෙන ආවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
6
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59