ඉන්දියාවේ පිරිසක් අලෙවි කරන්න ගිය “මහා විනාශය” පොලීසිය හසුකරගනී

ඉන්දියාවේ ඊසානදිග දිස්ත්‍රික්කය වන ජාර්කන්ඩ් හී ඇති බොකරෝ ප්‍රදේශයේ පොලීසිය විසින් කළ වැටලීමකදී ප්‍රබල විකරණශීලි මූලද්‍රව්‍යයක් වන යුරේනියම් විකිණීමට උත්සාහ කළ පුද්ගලයින් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ඉන්දියාවේ ත්‍රස්ත විමර්ශන ඒකකය විසිනුත් විශේෂ විමර්ශනයක් ද මේ වනවිටත් ආරම්භ ඇති බවත් සඳහන් වෙනවා.

පොලීසිය විසින් දිස්ත්‍රික්කය පුරාවටම කරපු විශේෂ මෙහෙයුම්වලදී යුරේනියම් කිලෝග්‍රෑම් 06ක ප්‍රමාණයක් සොයා ගන්නටත් සමත් වෙලා තිබෙනවා.

ලෝකයේ න්‍යෂ්ටික අවි ඇතුළු න්‍යෂ්ටික බලය උත්පාදනය කිරීම් වැනි දේවල් සඳහා මෙම ප්‍රබල බලයකින් යුතු යුරේනියම් යොදා ගන්නා බවත් සඳහන්. මෙම සොයා ගත් යුරේනියම්වල සාම්පල් අධිකරණ විශේෂඥයින් වෙතද වැඩිදුර විමර්ශන සඳහා යවා තිබෙනවා.

මෙම සිදුවීමට සම්බන්ධ සැකකරුවන් 07 දෙනාව දින 02ක් තිස්සේ ප්‍රශ්න කර තිබෙන අතර පසුව රක්ෂිත බන්ධනාගාර ගත කර බවයි පොලිසීය පවසන්නේ.

දැනට සිදුවුණු විමර්ශනවලින් වාර්තා වන්නේ ජාර්කන්ඩ් හී වෙළෙඳසැල් හිමියෙක් ඇමෙරිකාවෙන් මෙම යුරේනියම් ගෙන්වා ගෙන තියෙන බවත් පසුව ඔහු විසින් මෙම යුරේනියම් පිරිසක් අතර බෙදාහැර තිබෙනවා. ඉන්දියාවේ මෙම යුරේනියම්වල වටිනාකම ඉන්දියානු රුපියල් කෝටි ගණනකට වඩා වැඩි බවයි.

මීට පෙරත් ඉන්දියාවේ මහා රාෂ්ට්‍ර ප්‍රාන්තයේ පසුගිය මැයි මාසයේ දී ත්‍රස්ත විරෝධී බලකාය විසින් සිදුකළ මෙහෙයුමකින් මෙවැනි ආකාරයේ යුරේනියම් ළඟ තබාගෙන සහ අලෙවි කර තිබු පුද්ගලයින් පිරිසක් යුරේනියම් කිලෝග්‍රෑම් 07ක් සමඟ අත්අඩංගුවට ගෙන තියෙනවා.

මෙන්ම ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවලින් මෙලෙසම යුරේනියම් ළඟ තබාගෙන අලෙවි කර තවත් බොහෝ පිරිසක් අත්අඩංගුවට ගෙන තියෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14
Video thumbnail
තානාපතිලා කැමැත්තෙන් පොහොට්ටුව සමඟ සංවාද අපේක්ෂා කරනවා - නාමල් ගැනත් අපි කතා කළා
02:43
Video thumbnail
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි - ගුරුවරුන්ටත් විශේෂ පුහුණුවක් ?
01:44
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල් - බලන්නකෝ මූණේ තියෙන අමුතු හිනාව
00:35
Video thumbnail
පොහොට්ටුවෙන් විදේශ තානාපතිවරු හමුවීම ගැන නලින්ද පිළිතුරු දෙයි - වෙන්නේ රටේ තියෙන නීතියට අනුව
01:52
Video thumbnail
ජොන්ස්ටන් එළියට ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ - "ආණ්ඩුවේ එකම නිව්ස් එක රිමාන්ඩ් කිරීම"
03:27
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක් - "බුදු සරණයි ගම්බාර අප්පච්චිට බාරයි"
01:13
Video thumbnail
ගලබොඩ අත්තේ හිමි නිදහස් කර ගන්න පෙත්සම් ගහද්දි මනුස්සයෙක් යකා නටයි - "ඥාණසාර හිමි හිරේ යන්න ඕනි"
02:42
Video thumbnail
ඔයාගේ ගායනයට තහංචි දාන්න බෑ - මල්ලි ඔයත් එන්තර වාසියක් යවන්න..ගායනයට තහංචි දාන්න බෑ
06:06
Video thumbnail
මගේ සිංදු ඕනි කෙනෙක් කියන්න..යද්දි පෙට්ටිය කොනේ තියන් යන්නේ නෑ මම
05:44