spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දියාවේ දුම්රියක් තුළ ඝාතන හතරක් – සැකකාර කොස්තාපල් අත්අඩංගුවට

මුම්බායි නගරය ආසන්නයේ දී දුම්රියක් තුළ දී වෙඩි තබා පුද්ගලයින් සිව්දෙනෙකු ඝාතනය කළ ඉන්දීය දුම්රිය ආරක්ෂක බලකායේ කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන්දීය පොලිසිය පැවසුවේ චේතන් කුමාර් නැමැති කොස්තාපල්වරයා විසින් දුම්රිය ආරක්ෂක බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සහ මගීන් තිදෙනෙකු මෙලෙස වෙඩි තබා ඝාතනය කර ඇති බවයි.

ජායිපූර් සිට මුම්බායි නගරයට ධාවනය වෙමින් තිබූ දුම්රියක් තුළ අද (31) අලුයම 5.30ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි වාර්තා වුණේ.

වැඩි වැදීමෙන් ඝාතනයට ලක් වූ මගීන් තිදෙනා හඳුනාගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි එරට පොලීසිය පැවසුවේ.

වෙඩි තැබීමෙන් අනතුරුව සැකකාර කොස්තාපල්වරයා හදිසි අවස්ථාවලදී දුම්රිය නැවැත්වීමට භාවිත කරන අභ්‍යන්තර අනතුරු ඇඟවීමේ දාමය ඇද දුම්රියෙන් පැන යාමට උත්සාහ කර තිබෙනවා.

කෙසේ වෙතත් ඔහුව මුම්බායි නගරයට ආසන්නයේ දී අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම ඝාතනයන්ට හේතුව තවමත් අනාවරණය වී නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
8
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?