ඉන්දියාවේ දුම්රියක් තුළ ඝාතන හතරක් – සැකකාර කොස්තාපල් අත්අඩංගුවට

මුම්බායි නගරය ආසන්නයේ දී දුම්රියක් තුළ දී වෙඩි තබා පුද්ගලයින් සිව්දෙනෙකු ඝාතනය කළ ඉන්දීය දුම්රිය ආරක්ෂක බලකායේ කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන්දීය පොලිසිය පැවසුවේ චේතන් කුමාර් නැමැති කොස්තාපල්වරයා විසින් දුම්රිය ආරක්ෂක බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සහ මගීන් තිදෙනෙකු මෙලෙස වෙඩි තබා ඝාතනය කර ඇති බවයි.

ජායිපූර් සිට මුම්බායි නගරයට ධාවනය වෙමින් තිබූ දුම්රියක් තුළ අද (31) අලුයම 5.30ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි වාර්තා වුණේ.

වැඩි වැදීමෙන් ඝාතනයට ලක් වූ මගීන් තිදෙනා හඳුනාගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි එරට පොලීසිය පැවසුවේ.

වෙඩි තැබීමෙන් අනතුරුව සැකකාර කොස්තාපල්වරයා හදිසි අවස්ථාවලදී දුම්රිය නැවැත්වීමට භාවිත කරන අභ්‍යන්තර අනතුරු ඇඟවීමේ දාමය ඇද දුම්රියෙන් පැන යාමට උත්සාහ කර තිබෙනවා.

කෙසේ වෙතත් ඔහුව මුම්බායි නගරයට ආසන්නයේ දී අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම ඝාතනයන්ට හේතුව තවමත් අනාවරණය වී නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
00:00
Video thumbnail
උසාවියට අඩිය තියන්නේ නෑ කියලා හිතපු අයට උසාවියට එන්න වෙලා
02:36
Video thumbnail
ගම්පහ රැළියේ ඇතුළේ ඉඩ මදි නිසා පාරෙත් මහ සෙනඟක් - අතුරු සිදුරු නැතුව වැසුණු ගම්පහ
01:11
Video thumbnail
හොරුන්ට දඬුවම් දෙන එකේ සීමාවක් නෑ - ජනාධිපතිගේ කතාවට අත්පුඩි වරුසාවක්
03:19
Video thumbnail
මොළ 7යි ලු, හාහා මතකයි නේද.. ජනාධිපතිගේ කතාවෙන් හැමෝටම හිනා
04:40
Video thumbnail
ආණ්ඩුව හිටගන්නේ හොරු, තක්කඩි එක්ක නෙවෙයි - අපි බලය ගත්තම එයාලා බයවුණ..බයෙන් දෙඩෙව්වා
12:33
Video thumbnail
ප්‍රසාද් සර්ගේ කතාවට ගම්පහටම ගිහින් මහින්ද ජයසිංහ රිදෙන්නම දෙයි
04:07
Video thumbnail
මුළු ගම්පහම හොල්ලමින් ජනපති අනුර ගම්පහ වේදිකාවට එයි - ජනතාව ප්‍රීති ඝෝෂා නගයි
01:45
Video thumbnail
නාමල් විතරක් නෙමෙයි, අපි ඔක්කොම ඇතුලට යන්න පුළුවන්
00:59
Video thumbnail
ශිරන්තිගේ ඇසේ සැත්කමක් කරන්න තියෙනවා - බෙහෙත් ගත්තු ගමන් ආපහු එයි
02:25