විද්‍යා දැරියගේ සිද්ධියේ සැකකරුවෙක් බන්ධනාගාරයේදී අවසන් ගමන් යයි

යාපනයේ සිවලෝගනාදන් විද්‍යා නම් දැරිය දූෂණය කර මරා දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි සැකකරුවෙක් සියදිවි නසාගෙන ඇති බවට වාර්තා වනවා.

පූබාලසිංහම් ජෙයකුමාර් නම් 46 හැවිරිදි සැකකරුවෙක් මෙලෙස සියදිවි නසාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරු යාපනය බන්ධනාගාරයේ රඳවා සිට ඇති අතර ඊයේ (24) රාත්‍රියේ සැකකරු සියදිවි නසාගෙන ඇතැයි බන්ධනාගාර අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.