ඉදිරි දින තුන තුළ වැසි තත්ත්වයේ වැඩිවීමක්

අද (03) දිනයේ සිට ඉදිරි දින තුන තුළ දිවයිනේ නිරිත දිග ප්‍රදේශයේ වැසි තත්ත්වය ප්‍රමාණවත් වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ, අනුව අද (03) දිනයේ දී බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි දැනුම් දෙන්නේ.

එමෙන්ම බස්නාහිර සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ප්‍රදේශවල මිලි මීටර් 75ට වැඩි තරමක් තද වැසි ද බලාපොරොත්තු විය හැකියි.

විශේෂයෙන්ම ඌව පළාතෙත්, නැගෙනහිර පළාතෙත් තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.