ඉතිහාසයේ පළමු වරට සියලු කොටස් මිල දර්ශකය ඒකක 22,000 පනී

ඉතිහාසයේ පළමු වරට කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනයේ 22,000 සීමාව පසු කර තිබෙනවා.

අද පෙරවරුව වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 22,017.56ක් ලෙසින් සටහන්ව තිබුණා.

මේ අතර සියලු කොටස් මිල දර්ශකය ඊයේ (02) දිනයේ ඒකක 100.49 කින් ඉහළ ගොස් ඒකක 21,951.79ක් ලෙස සටහන්ව තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්