spot_imgspot_img

ඉත්තෑවාට ගැසූ ගිනිඅවිය පත්තු වී මුරකරු ජීවිතක්ෂයට

උගුලකට හසුව සිටි ඉත්තෑවෙකුට පහර දුන් ගිනි අවිය පත්තු වී පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් වූ පුවතක් දුම්මලසූරිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.

අද (17) අලුයම් කාලයේ දුම්මලසූරිය – කොවුල්වැව ප්‍රදේශයේ පොල් වත්තක දී මෙම සිද්ධිය සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ කොවුල්වැව – ජැක් වත්ත නම් වූ පොල් වත්තක මුරකරුවෙකු ලෙස සේවය කරමින් සිටි 45 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහු බම්මන්න – ඇලබඩගම ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයිඋ පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

පොල් වත්තට නිතර පැමිණ හානි සිදුකරන ඉත්තෑවන් අල්ලා ගැනීම සඳහා අටවා තිබූ උගුලකට ඊයේ (16) රාත්‍රීයේ ඉත්තෑවෙකු හසුවී තිබෙනවා.

අද (17) අලුයම් කාලයේ පොල් වත්තේ මුර සංචාරය කරමින් සිටි මුරකරු උගුලට හසු වී සිටි ඉත්තෑවා දැක ඇති අතර, එම අවස්ථාව වන විටත් මියගොස් සිට නැති ඉත්තෑවාට මුරකරු විසින් අත තිබූ ගිනි අවියෙන් පහර දී ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේ දී ගිනි අවිය ක්‍රියාත්මක වී මුරකරුට වෙඩි වැඩි ඇති අතර, තුවාල ලැබූ ඔහු ප්‍රතිකාර සඳහා කුලියාපිටිය ශීක්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, රෝහල් ගත කිරීමෙන් පසු ඔහු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මියගිය මුරකරුගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මුරකරු අත තිබූ ගිනිඅවිය පොල් වත්තේ ආරක්ෂාව සඳහා බලපත්‍ර සහිතව නිකුත් කර තිබූ එකක් බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
28
+1
3
+1
6
+1
3
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?