ඉත්තෑවාට ගැසූ ගිනිඅවිය පත්තු වී මුරකරු ජීවිතක්ෂයට

උගුලකට හසුව සිටි ඉත්තෑවෙකුට පහර දුන් ගිනි අවිය පත්තු වී පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් වූ පුවතක් දුම්මලසූරිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.

අද (17) අලුයම් කාලයේ දුම්මලසූරිය – කොවුල්වැව ප්‍රදේශයේ පොල් වත්තක දී මෙම සිද්ධිය සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ කොවුල්වැව – ජැක් වත්ත නම් වූ පොල් වත්තක මුරකරුවෙකු ලෙස සේවය කරමින් සිටි 45 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහු බම්මන්න – ඇලබඩගම ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයිඋ පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

පොල් වත්තට නිතර පැමිණ හානි සිදුකරන ඉත්තෑවන් අල්ලා ගැනීම සඳහා අටවා තිබූ උගුලකට ඊයේ (16) රාත්‍රීයේ ඉත්තෑවෙකු හසුවී තිබෙනවා.

අද (17) අලුයම් කාලයේ පොල් වත්තේ මුර සංචාරය කරමින් සිටි මුරකරු උගුලට හසු වී සිටි ඉත්තෑවා දැක ඇති අතර, එම අවස්ථාව වන විටත් මියගොස් සිට නැති ඉත්තෑවාට මුරකරු විසින් අත තිබූ ගිනි අවියෙන් පහර දී ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේ දී ගිනි අවිය ක්‍රියාත්මක වී මුරකරුට වෙඩි වැඩි ඇති අතර, තුවාල ලැබූ ඔහු ප්‍රතිකාර සඳහා කුලියාපිටිය ශීක්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, රෝහල් ගත කිරීමෙන් පසු ඔහු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මියගිය මුරකරුගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මුරකරු අත තිබූ ගිනිඅවිය පොල් වත්තේ ආරක්ෂාව සඳහා බලපත්‍ර සහිතව නිකුත් කර තිබූ එකක් බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15