spot_imgspot_img
spot_img

ඇලන් ඩොනල්ඩ් බංග්ලාදේශය හැරයාමේ තීරණයක !

එක්දින ලෝක කුසලාන තරගාවලියෙන් පසු බංග්ලාදේශ වේග පන්දු පුහුණුකරු ලෙස කටයුතු කරන ඇලන් ඩොනල්ඩ් එම තනතුරෙන් ඉල්ලා අස්වීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා.

ලෝක කුසලාන තරගාවලියෙන් පසු සිය තනතුරෙන් ඉවත්වන බවට කණ්ඩායම් රැස්වීමක් අතරතුර දී ඇලන් ඩොනල්ඩ් දන්වා සිටි බවයි බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ උසස් නිලධාරියෙක් මාධ්‍ය වෙත පවසා සිටියේ.

පසුගිය වසරේ ඕස්ට්‍රේලියාවේ පැවති විස්සයි විස්ස ලෝක කුසලානය දෙස අවධානය යොමුකරමින් ඩොනල්ඩ් බංග්ලාදේශ පිළේ වේග පන්දු පුහුණුකරු ලෙස පත්කරනු ලැබුවා.

කෙසේ වෙතත් ඔහුගේ කොන්ත්‍රාත්තුව දීර්ඝ කිරීමටයි පසුව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කළේ.

මේ අතර, මතභේදයට තුඩු දුන් ඇන්ජලෝ මැතිව්ස්ගේ ‘කාලය ඉක්මවා’ දැවී යාම සම්බන්ධයෙන් කණ්ඩායමේ නායක ෂකීබ් අල් හසන්ට එරෙහිව ප්‍රකාශයන් සිදුකිරීම සම්බන්ධයෙන් ඩොනල්ඩ්ගෙන් පැහැදිලි කිරීමක් ඉල්ලා සිටින බවයි පසුගිය 08 වනදා බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළේ.

ඊට ප්‍රතිචාර දක්වමින් ඔහු සඳහන් කළේ පැහැදිලි කිරීමක් ඉල්ලුවහොත් එය ලබාදීමට තමන් පසුබට නොවන බවත්, එලෙස ලබාදෙන පැහැදිලි කිරීම මීට පෙර ප්‍රවෘත්තිවල ප්‍රචාරය වූ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
18
+1
4
+1
26
+1
7
+1
7
+1
5
+1
12
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?