ඇමරිකා – ඉරාන සාකච්ඡා ධනාත්මක සහ ඵලදායි තැනක – පකිස්ථානය සහ කටාරයෙන් ඒකාබද්ධ ප්‍රකාශයක්

ඇමරිකා එක්සත් ජනපද-ඉරාන සාකච්ඡා ධනාත්මක සහ ඵලදායි බව පකිස්ථානය සහ කටාර් රාජ්‍ය පවසනවා.

ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන ඇමරිකා එක්සත් ජනපද සහ ඉරාන තාක්ෂණික සාකච්ඡා පිළිබඳව මැදිහත්කරුවන් වන පකිස්ථානය සහ කටාරය ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් මේ බව පවසා තිබෙනවා.

පකිස්ථානය සහ කටාරය අදාළ ඒකාබද්ධ ප්‍රකාශය මගින් දක්වා ඇත්තේ, සාකච්ඡා “ධනාත්මක සහ ඵලදායි වාතාවරණයක්” තුළ පැවැත් වූ බවයි.

“තවදුරටත් තාක්ෂණික සාකච්ඡා සඳහා යාන්ත්‍රණයක් නිර්මාණය කිරීම ඇතුළුව දිරිගන්වන ප්‍රගතියක් ලබා ඇත,” යනුවෙන් එම ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන්.

මේ අතර හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමනාගමනය සඳහා යාන්ත්‍රණයක් සකස් කර ඇති බව ඉරානය පවසනවා.

හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා නැව් ආරක්ෂිතව ගමන් කිරීම පිළිබඳව සාකච්ඡා පැවැත්වූ බවත්, ඒ වෙනුවෙන් යාන්ත්‍රණයක් සකස් කර ඇති බවයි ඉඉරානයේ විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක එස්මයිල් බගයි පවසන්නේ.

එමෙන්ම ඉරාන වත්කම් නිදහස් කිරීම, තෙල් සම්බාධකවලින් සහන ලබාගැනීම සම්බන්ධයෙන් යහපත් ප්‍රගතියක් එක්සත් ජනපදය සමඟ සාකච්ඡාකළ පළමු දිනයේ ලබා ඇති බවයි ඉරානය සඳහන් කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59