ඇමරිකාවෙන් ඉරානයට ගුවන් ප්‍රහාර – ඉරානයත් ඇමරිකානු ඉල්ලක්ක වෙත ප්‍රහාර එල්ල කරයි

ඇමරිකාව විසින් ඉරානයට එරෙහිව ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කළ බව එක්සත් ජනපද මධ්‍යම අණදෙන විධානය සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ඇමරිකානු හමුදාවට අයත් අපාචි වර්ගයේ ප්‍රහාරක හෙලිකොප්ටර් යානයක් බිඳ හෙළීමේ සිද්ධියට ප්‍රතිචාර වශයෙන් මෙම ප්‍රහාර එල්ලකර තිබෙනවා.

මෙම ප්‍රහාර ඉරානය වෙත අනතුරු ඇඟවීමක් ලෙස සිදු කරන ලද බවත්, යුද්ධය අවසන් කිරීම සඳහා පවතින සාකච්ඡාවලට එය බාධාවක් නොවනු ඇතැයි ඇමරිකානු විශ්වාස කරන බවයි ඇමරිකානු එක්සත් ජනපද නිලධාරියෙකු පවසා ඇත්තේ.

මේ අතර දකුණු ඉරානයට එල්ල කරන ප්‍රහාර මධ්‍යයේ, බහරේනයේ ඇමරිකානු පස්වන බලඇණියට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළ බව ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) ප්‍රකාශ කරනවා.

එක්සත් ජනපද හමුදා “ආක්‍රමණශීලීත්වය” දිගටම පැවතුනහොත් දැඩි පළිගැනීමේ පියවර ගන්නා බවටත් ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය අනතුරු අඟවා තිබෙනවා.

මේ අතර දකුණු ඉරානයේ ජැස්ක්, සිරික් සහ කෙෂ්ම් දූපතේ ස්ථාන කිහිපයකට එරෙහිව එක්සත් ජනපදය ප්‍රහාර දියත් කළ බවත්, විදුලි සංදේශ කුළුණකට හානි කළ බවත් සිරික් හි බෙමානි දිස්ත්‍රික්කයේ ජල ටැංකි දෙකක් විනාශ කළ බවත් IRGC තහවුරු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
5
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59
Video thumbnail
ඩෙංගු රෝගය ගැන දැනගත යුතුම කරුණු මෙන්න - කම්පන තත්ත්වයට යන්න පුළුවන්
14:59
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් කටාර් තානාපති කාර්යාලයට ගිය නි.ඇමති
01:56
Video thumbnail
මීගමු බන්ධනාගාර භූමියෙන් උණ්ඩ කොපු 271ක් හමුවෙයි..පසුදා වනතුරු බලය තිබුණේ රැඳවියන් සතුව - CID
05:33
Video thumbnail
කඩුවෙල බස්නැවතුම්පළ ඉදිරිපිට කාණුවේ මදුරු කීටයෝ පිරිලා - අවුරුදු ගාණක් තිස්සේ වතුර බහින්නේ නෑ
02:03
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
02:40