ආයුධ සන්නද්ධව පාර්ලිමේන්තු භූමිය වැටලීමේ සූදානමක් පවතින බව සමගි ජන බලවේගය අනාවරණය කරනවා.
එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පවසන්නේ මේ සඳහා සන්නද්ධ රථ ද භාවිත කිරීමට බලාපොරොත්තුවන බව යි.
මෙම ආයුධ සන්නද්ධ වැටලීම මෙම මස 26 වැනි දා සිදු කිරීමට නියමිත බව යි බණ්ඩාර මහතා අනාවරණය කරන්නේ.
කෘෂි කර්ම සහ වාරි මාර්ග අමාත්‍යංශ සඳහා අයවැය කාරක සභා විවාදය එදිනට පැවැත්වෙන බව ඔහු පෙන්වා දෙනවා.
එබැවින්, රටෙහි පවතින පොහොර ගැටළුව එදිනට පෙර නොවිසඳුවහොත් අදාළ වැටලීම සිදු කරන බව ඔහු පවසනවා.
තම පක්ෂය ගොවියන් සමග මෙලෙස ආයුධ සන්නද්ධව සහ සන්නද්ධ රථ ද භාවිත කරමින් මෙම වැටලීම සිදු කරන බව යි නලීන් බණ්ඩාර මහතා වැඩිදුරටත් පවසන්නේ.
කෙසේ වෙතත් එලෙස ආයුධ රැගෙන එන්නේ කුමන කාර්යයකට දැයි ඔහු හෙළි කළේ නැහැ.














The information in the fb post is enough to arrest the relevant MP. We are looking forward to seeing the incidents.