ආබාධිත නැඟණිය ඇස්දෙක මෙන් රකින බෝසත් සහෝදරයා (වීඩියෝ)

තම ආබාධිත නැඟණිය රැකබලා ගනිමින් ජීවන අරගලයක යෙදෙන දිරිය තරුණයෙකු පිළිබඳව හලාවත ප්‍රදේශයෙන් වාර්තා වනවා.

19 හැවිරිදි තම ආබාධිත නැඟණියට රැකවරණය දෙමින් මෙලෙස ජීවන අරගලයක යෙදෙන්නේ 22 හැවිරිදි වියේ පසුවන නිශාන් මධුරංග නැමැති තරුණයායි.

දෙමව්පිය සෙනෙහස පවා අහිමිව ජීවත්වන මොවුන් දෙදෙනා පදිංචිව සිටින්නේ හලාවත, කුමාරකට්ටුව, පීරිස් වත්ත ප්‍රදේශයේයි.

සෞම්‍යා නිශාදි නැමැති තම ආබාධිත නැඟණිය රැකබලා ගැනීමට මෙම තරුණයා අසීමිත කැපකිරීමක් සහ වෙහෙසක් දරණ අතර, ඔහු වෘත්තිය වශයෙන් වඩු කර්මාන්තයේ නියැලෙන බවයි දැනගන්නට ලැබුණේ.

මොවුන් කුඩා කලම පියා මෙලොව හැර යන අතර, මව මීට මාස කිහිපයකට පෙර මොවුන් හැරගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අසල්වැසි නිවසක පදිංචිව සිටින මවගේ සහෝදරිය තම ආබාධිත නැඟණිය රැකබලා ගැනීමට සහාය වන බවයි නිශාන් මධුරංග අප සමඟින් සඳහන් කළේ.

තම නැඟණිය වෙනුවෙන් හැකි සෑම දෙයක්ම සිදුකිරීමට උත්සාහ ගන්නා බව සඳහන් කළ නිශාන් අප සමඟ වැඩිදුරටත් පවසා සිටියේ නැඟණියට විදුලි බලයෙන් ක්‍රියාකරන රෝද පුටුවක් ලබාගැනීම මේ වනවිට තම ප්‍රධාන අරමුණ වී ඇති බවයි.

https://youtu.be/v3B6IY7ZgHw
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !